කිම් ටේහියුන් වන ඔබ මින් සේහිව ඔබේ නීත්‍යානුකූල භාර්යාව ලෙස පිලිගන්න කැමතිද?
ඔව් මම කැමතී.
මින් සේහි වන ඔබ කිම් ටේහියුන්ව ඔබේ නීත්‍යානුකූල ස්වාමියා ලෙස පිලිගන්න කැමතිද?
ඔව් මම කැමතී.
විවාහයට විරුද්ධ අය සිටීද?
මුලු මංගල සභාවම නිහඬයි.
එසේනම් දෙවියන් වහන්සේ සාක්ෂි කරගෙන ඔබේ මුදු මාරු කරන්න.
ඔව් මේ එයාලගෙ විවාහය. නීතියෙන් බැඳිලා අප්පලාගේ වගේම ඔම්මලාගේ හීනයක් නිසා අකමැත්තෙන් එකතු වෙලා හිටියත් ටේගෙවත් සේහිගෙවත් හිතේ ඒ විවාහය ගැන සතුටක් තිබුනෙ නෑ. ඒ නිසයි ටේට ඕන උනේ එයාලගෙ පුංචි පැටියට අවුරුද්දක් පිරෙන අද එයාලගෙ විවාහය ආපහු කැමැත්තෙන් ආදරේ පුරවලා කරන්න.
විවාහය සම්පූර්ණයි. මනාල යුවලට සිප ගන්න අවසරයි.
පියතුමාගේ අවසරයත් එක්ක සේහිගෙ ඉන වටෙන් පරිස්සමට අත යවලා තමන් ගාවට ඇදලා ගත්ත ටේ සේහිගෙ තොල් හරි පරිස්සමින් සිප ගත්තෙ හැමෝගෙම තුටු සිනා මැදයි.
මං හිතන්නෙ ඔයාලට කෙනෙක්ව අමතක උනා.. එහෙම නේද..
යූංගි එහෙම කියාගෙන එයාගෙ අතේ ඉදන් අම්මයි තාත්තයි දිහා බලන් දඟකරන පුංචව අලුත් කපල් එක ගඟට ගෙනාවා.
එන්න මගේ පුංචි හීරෝ අප්පගෙ අතට... සතුටුයි නේද.. බලන්නකෝ බබාගෙ ඕම්මා අද සුරංගනාවියක් වගේනේ..
පුංචි පවුල අද හරිම සතුටින්.. අනිත් අයත් මෙයාලා දිහා බලන් සතුටු උනේ කරදර හැම දෙයක්ම ඉවර නිසයි.
එහෙනම් මගේ චූටි පැටියෝ.. අදට යූංගි සමොච්චනුයි පුංචි මින්හීයි එක්කයි ඉන්න හොදද... ඔම්මයි අප්පයි ගාවට හෙට උදේම එන්න හොදද සමොච්චන්ලා එක්කම...
අද අලුත් කපල් එකගෙ හනිමූන් එක නිසා ටේ සේහි ඩබලගෙ අකමැත්තෙන් උනත් අනිත් අය කිව්වෙ පොඩ්ඩව එයාලා ගාව තියලා හනිමූන් එක එන්ජෝයි කරන්න කියලයි. ඉතින් ටේයි සේහියි අන්තිමට ඒකට කැමති උනා. ඒ නිසා පොඩ්ඩා අද එයාගෙ ෆේවරිට්ම සමොච්චන් යූංගි එක්ක ඉන්නයි යන්නෙ.