Can I?😉 (Part 9)

50 10 3
                                    

ටේ වෙනදට වඩා ස්ට්‍රෙස් එකකින් වැඩ කලේ. දවසට company එකේ employers ලා හත් අට දෙනෙක්ගෙම මාසෙ පඩි කැපෙන්න ඇති. ඒ අතරනුත් සමහර අයට CEO කැබින් එකෙන් එලියට එන්න උනේ ෆයිල් එකකින් හොද හෙඩ් ශොට් එකක් කාලා.

ටේටම හිතා ගන්න බෑ එයාට මොනවද වෙලා තියෙන්නෙ කියලා. එක්කෝ මේ බඩගින්න නිසා කියලා ටේ හිත හදා ගත්තෙ එයා උදේ ඉදන්ම තාම කෑවෙ නැති නිසා.

ඒත් ටේගෙ හිත ටේට කියන්නෙම එයා සේහිට කලින් කෑ ගහපු නිසයි ටේට මෙහෙම තමන් එක්කම කේන්ති ඇවිත් තියෙන්නෙ කියලා. ඒ තරහ තමයි ටේ එයාගෙ යටතෙ ඉන්න අය පිටින් යවන්නෙ.

අන්තිමට උදේ ඉදන්ම රෑ වෙනකම්ම ඔෆිස් එකේ හිටිය ටේ ඩිනර් එකටවත් ගෙදර යනවා කියලා හිතාගෙන වාහනේට නගිනකොටත් හවස 7 යි.

විනාඩි විස්සකට විතර පස්සෙ ටේ මැන්ශන් එකට ආවා.

එයා එනකොටත් කට්ටියම කන්න ලෑස්තියි. ඒත් ඩයිනින් ටේබල් එකේ එක්කෙනෙක් අඩු බව ටේට තේරුනා. ඒත් ඒක ගනන් නොගෙන පහල රූම් එකකින් වොශ් එකකුත් දාගෙන ඇදුමක් දාගෙන ආයෙත් ආවෙ ෆෝන් එක චෙක් කර කර. පස්සෙ හෙමීට කෑම පිඟාන ලඟට ගත්තත් එහා පැත්තෙ කෑම පිඟාන තාමත් හිස් බව දැක්ක නිසා ආයෙත් නැම්ජූන් දිහා බලලා එයාට එහා පැත්තෙ පුටුව පෙන්නුවෙ එයා කෝ අහන්න වගේ.

හ්ම්.... මට තේරෙන්නෙ නෑ ටේ. එයා ඔයා ගියපු ගමන්ම කාමරේට ගියා ගියාමයි ආයෙ එලියට ආවෙ නෑ. අපි හැමෝම ගිහින් කතා කරත් එයා කරේ කෑගහපු එක විතරයි. අඩුම යූංගි කියන එකවත් ඇහුවෙ නෑ. කොච්චර කෑම අරන් ගියත් එයා නෙමෙයි එලියට ආවෙ.

එතකොට දැන් හියුන් කියන්නෙ එයා තාම උදේ ඉදලා කාලා නෑ කියලද?

හ්ම්.....

ඒක ඇහුන ගමන්ම ටේ එයාගෙ පිඟානත් තල්ලු කරලා නැගිට්ටා. එත් යූංගි කතා කරපු ගමන් ආයෙත් හිටි තැනම නැවතුනා.

ටේ! එයා අපි කියන දේ අහන්න ලෑස්ති නෑ. එයාගෙ හිත රිදිලයි ඔය ඉන්නෙ. කෑම එකක්  අරන් යන්න. එයා ඔයා කියන දේ අහයි. ඒත් සැර වෙන්න එපා. ප්‍රෙග්නන්සි හෝමෝන නිසා ඉක්මනින් දුක හිතෙනවා. ඒ නිසා ඉවසීමෙන් කතා කරන්න.

Can I?😉✅✅Where stories live. Discover now