Can I?😉 (Part 5)

47 10 6
                                    

හැමෝම පාටිය ඉවර වෙලා ගෙදරින් ගියාට පස්සෙ සේහි ටේව මුලු ගේ පුරාම හොයලා අන්තිමට නතර උනේ බාර් සයිඩ් එකේ බාර් ටේබල් එක උඩ ඔලුව තියාගෙන ඉන්න ටේව දැකලා. තාමත් බාගෙට බීලා ඉවර කරපු ඉස්තරම්ම වර්ගයේ බියර් වීදුරුවක් ටේගෙ අතේ තියෙනවා දැක්ක සේහි ලොකු හුස්මක් අරන් පහත දාලා ටේ ගාවට ඇවිදන් ගියේ අද නම් මේ විදියට ටේ කීයටවත් තමන්ගෙ කාමරේට යන්නෙ නෑ කියලා අත්දැකීමෙන්ම දන්න නිසයී.

ටේගෙ ලඟට ගිහින් ටේගේ අතේ තිබ්බ බාගෙට හිස් උන වීදුරුව පැත්තකින් තියලා ටේව හෙමින් හෙමින් හෙල්ලුවෙ ටේව ඇහැරවන්න හිතාගෙන. ඒත් ටේගෙන් කිසිම හැල හොල්මනක් නැති තැන අමාරුවෙන් හරි ටේව තමන්ගෙ ඇඟට වත්තම් කරගත්ත සේහි  හෙමීට ටේව පහල තිබ්බ ගෙස්ට් රූම් එකකට අරන් ගියෙ දැන් ටේව අරන් පඩිපෙල් නගින්න ගියොත් ටේත් එක්කම තමනුත් ඔය පඩිපෙල දිගේ රෝල් වෙයි කියලා හිතට දැනුන සාධාරණ බය හින්දයි.

කොහෝම හරි අමාරුවෙන් ටේව ඇද උඩට දාලා අනිත් පැත්ත හැරිලා යන්න ආවත් ටේ දාඩිය පිටින් නිදාගන්න අකමැතියි කියලා සේහිට මතක් උනාම ආයෙමත් ගිහින් වතුර බේසමකුයි පොඩි තුවායකුයි අරන් ආපු සේහි අමාරුවෙන් උනත් හෙමීට ටේගෙ කෝට් එකයි ශර්ට් එකයි ගලවලා ටේගෙ දාඩිය ටික පිහදාලා දැම්මෙ මේ තමන්ට වෛර කරන තමන්ට වද දෙන ඒ නරුමයා මයි කියලා දැන දැනමයි.

ඒත් ඇයි.
මොකද ආදරේ ඉස්සරහා කවුරුත් අසරණයි. තමන්ගෙ ආදරේ හිතේ තියාගෙන පරිස්සම් කරන සේහිට කවදාවත් පුලුවන් උනේ නෑ ටේට වෛර කරන්න. ඉතින් සේහි අසරණයි තමයි.

ටේව පිහදාලා ටේට අලුත් ඇදුමක් ගෙන්න යන්න හැරුනත් සේහි එකපාරම ඇදිලා ගිහින් වැටුනෙ ටේගෙ නිරුවත් පපුව උඩට. වෙච්ච දේ හිතා ගන්න බැරි වෙද්දි සේහිට තමන්ගෙ අතේ මැණික් කටුව ලඟින් දැනුන සියුම් වේදනාව මොකක්ද බලන්න හැරෙද්දියි සේහි දැක්කෙ තමන්ගෙ අත තද කරන් අල්ලන් ඉන්න ටේගි නහර පිරුණු අත.

ඒත් එක්කම තමන් දිහාට එල්ල වෙලා තිබ්බ ඇස් වල ගැඹුරෙ තිබුනෙ ආදරයක්ද තරහක්ද ඇයැදීමක්ද නැත්නම් ප්‍රශ්න කිරීමක්ද කියලා හිතාගන්න සේහිටත් බැරි උනා.

Can I?😉✅✅Where stories live. Discover now