මාසෙන් මාසෙ හෙමීට ගෙවෙනවා. දැන් සේහිගෙ බංඩියට චූටි පැටියා ඇවිත් මාස තුනක් විතර වෙනවා. දැන් සේහි හරිම අමුතු විදියටයි හැසිරෙන්නෙ. කොටින්ම කිව්වොත් සේහිත් දැන් තනිකරම ටේ වගේ හැසිරෙන්නෙ.
එයාට කවුද කොහෙද කොහොමද කියන එක අදාලම නෑ. ඕන කිව්වොත් ඕන. එපා කව්වොත් එපාම තමයි. ඒ දේ කාට උනත් පොදුයි. කොටින්ම ටේටත් පොදුයි.
ඒත් මේ ගෙවුන මාස තුන ඇතුලෙ ටේ නම් නොවිදිනා දුක් වින්දෙ. මොකද දැන් හැමෝම ඉන්නෙ ටේගෙ මැන්ශන් එකේ. මොකද සේහිව බලාගන්න ඕන නිසා. ඒ නිසා ටේට ඕන ඕන විදියට සේහිට සද්ද දාන්න බෑ. අකමැත්තෙන් උනත් සේහිට ආදරේ විදියට රඟපාන්න වෙනවා. අනිත් පැත්තෙන් ටේගෙ හිතේ තමන්ගෙ දරුවා ගැන තියෙන ආදරේ එන්නම එන්නම වැඩි වෙනවා. ඒත් ටේට ඒක පිටට පෙන්නන්න බෑ. මොකද ටේට අනුව තාමත් සේහි තමන්ගෙ ඔම්මා අප්පගෙ මිනීමරුවා. ඉතින් ටේ තාමත් සේහිට වෛර කරනවා.
ඒත් සේහිට දැන් ඒවා ගානක් නෑ. සේහිට හිතුනොත් සේහි ගිහින් ටේගෙ උකුලෙ වාඩි වෙනවා. ටේව තුරුල් කරන් නිදා ගන්නවා. ටේට තුරුල් වෙලා ෆිල්ම්ස් බලනවා. කෙටියෙන්ම කිව්වොත් දැන් සේහිට මතක නෑ ඉස්සර ටේ සේහිට කරපු දේවල්. අනිත් එක දැන් සේහි ඉස්සර වගේ ටේට බය නෑ. පොඩ්ඩක්වත් නෑ. ඒ වෙනුවට එයා දැන් මුරණ්ඩුයි. ටේ වගේම.
ඒත් ටේ මේ හැමදේම ඉවසන් සේහිට ඕන කරන දේවල් අරන් දීලා බලාගත්තෙ ටේට අනුව නම් සේහිගෙ බඩේ ඉන්න දරුවා එයාගෙ නිසාලු.
ඒත් ටේටවත් නොදැනෙන්න ටේගෙ හිතේ සේහි වෙනුවෙන් අමුතුම හැඟීමක් දලුලන්න අරන්. ටේ බයයි ඒක දුරදිග යාවි කියලා. මොකද ටේ නොදන්නවා නෙමෙයි සේහි දැන් කරන සමහර මුරණ්ඩු වැඩ වලට තමන්ගෙ හිත කැමතී කියලා. සේහි එයා එක්ක තොල් උල් කරන් කට ගහන් එද්දි ඉස්හර වගේ ඒ කම්මුල පැලෙන්න ගහනව වෙනුවට පිම්බුන රෝස කම්මුල් මිරිකන්න හිතෙනවා කියන එක. තරහා ගිහින් සේහි තමන් දිහා හොරෙන් බල බල රවද්දි තමන්ටත් නොදැනිම කට අගට හිනාවක් එනවා කියන එක. කොටින්ම සේහි හිනා වෙද්දි තමන්ගෙ හිත වෙනදට වඩා වේගෙන් ගැහෙනවා කියන එක.
මේ හැමදේටම හේතුව දන්නවා උනත් ටේගෙ මුරණ්ඩු හිත ඒක පිලිගන්න ගොඩක් අකමැති. ඉතින් එයා හිතන්නෙ මේ හැමදේම දරුවා නිසා විතරයි කියලා.