Can I?😉 (Part 2)

72 13 1
                                    

Sehi Pov...

ටේ... මගෙ ක්‍රශ් එක.. ක්‍රශ් එක? නෑ ඒ මගේ එකම ආදරේ...
මම ටේට ආදරේ කරන්නෙ පුංචිම පුංචි කාලෙ ඉඳන්... එතකොට ටේ... එයත් මට ආදරේ කලා.. අපි දෙන්නා පුංචි කාලෙදිම ආදරේ කරන්න පටන් ගත්තා. ඒක දැනගත්ත නිසාම පොඩිකාලේ ඉඳන්ම යාලුවො වෙච්ච අපේ පව්ල් වලින් අපි පොඩි කාලෙදිම අපේ කසාදෙ තීන්දු කළා...

ඒ කාලෙ ඒ දේ නොතේරුනත් මොකක්හරි හේතුවක් හින්දා අපි සතුටු උනා...

කාලෙත් ටික ටික ගෙවෙද්දි අපිත් ලොකු උනා. මමයි ටේයි දෙන්නම ගියෙ එකම කොලේජ් එකකට. එහෙදි අපි දෙන්නගෙ සම්බන්ධෙ තවත් වැඩි උනා. මමත් ටේත් අපි දෙන්නට පණ ඇරලා ආදරේ කලා.

ඒත් එදා උදේ ඉර උදා නොවුනනම් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා අපේ ජීවිත.

Flash Back...

එදත් අද වගේම හොඳ කාලගුණයක් තිබ්බ දවසක්. පුරුදු විදිහටම මම කලින් ලෑස්ති වෙලා ගෙදර අයටත් කියලා පාරට ආවෙ ටේ එක්කම කොලේජ් යන්න. මොකද පොඩි කාලෙ ඉඳන්ම අපි දෙන්නා කොලේජ් ගියෙ එකට ටේගෙ කාර් එකේ නිසා. ටික වෙලාවකින් ටේත් ආවා.

Good Morning බබා...

Good Morning ටේ..

මම පරක්කුද?

නෑ ටේ අද මන් ටිකක් කලින් ආවා.

ඔහ් හරි බබෝ එහෙනම් යන්. එන්න නගින්න.

මමත් ටේත් එක්කම කොලේජ් එකට යන්න ආවා. මම කාර් එකෙන් බහින්න හදද්දිම ටේ මාව අල්ලගත්තා.

මොකො?

මේ බබා අදට විතරක් ඔයා තනියම යනවද? මට අද හවස කොලේජ් එකේ පොඩි වැඩක් තියෙනවා.

ආහ්... හ්ම්... හරි එහෙනම්..

තැන්ක්ස් බබෝ...😉

එන්න යමු ටේ නැත්තං පරක්කු වෙයි...

හ්ම් යන්..

මම ටේ එක්කම එදා දවස ගත කලා. පස්සෙ කොලේජ් එක ඇරුනම ටේ ඇවිත් මාව ගේට් එක ළඟින් දාලා ගියා.

එයා මට කැබ් එකකට කතා කරන්නද ඇහුවත් මම කැමති උනේ නෑ.

මොකද මම ආසම වැඩේ තනියම පයින් ඇවිදින එක නිසා. ටික දුරක් ඇවිදන් යද්දි හිතට අමුත්තක් දැනුනත් ඒක ගනන් නොගෙන මම හෙමීට ඇවිදන් ආවා.

Can I?😉✅✅Where stories live. Discover now