シ︎Chapter 6シ︎

292 59 50
                                    

"මේකයි සෝයෝන්..මම මේක මීට වඩා හොද විදිහට තමා ඔයාට කියන්න හිතුවේ ඒත් එහෙම කියන්න දැන් මට වෙලාව මදී.."

ජන්ග්කුක් අතත් එහාට මෙහාට විසි කර කර ලැජ්ජාවෙන් කියද්දී සෝයෝන්ට තවත් ඉවසන් ඉන්න බැරි උනේ ජන්ග්කුක්ගේ හැසීරීම එයාට කුතුහලයක් ගෙනාපු නිසා.

"හරි ඉතින්..වෙලාව මදි හරි මොකක් හරි..කියන එකක් ඉක්මනට කියන්න ගුකී.."

"ආහ්..මේකයි සෝයෝන්..අම් සොරි මම ඔයාගේ ඩයරි එක කියෙව්වා.."

ජන්ග්කුක් මූනත් අමුතු කරන් කියද්දි සෝයෝන්ට ඉහින් කනින් දාඩිය දැම්මේ ඒකේ ලියලා තිබ්බ දේවල් මතක් උන නිසා.

(ජන්ග්කුකගේ මූන එවෙලේ මේ වගේ කියලා හිතා ගන්නකෝ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ජන්ග්කුකගේ මූන එවෙලේ මේ වගේ කියලා හිතා ගන්නකෝ )

"මො..මොකක්..ඔයා..මගේ ඩයරි එක කියෙව්වා..අන්දේව්.."

සෝයෝන් ගොත ගගහා කියද්දී ජන්ග්කුක් ඔලුව හෙලෙව්වේ මූනේ තිබ්බ ඒ facial expression එක වෙනස් නොකරමයි..

"ඉතින්.."

ජන්ග්කුක් තවත් මොනවා හරි කියන්න ගියත් ඊට කලින් ඉක්මන් උන සෝයෝන් එයාගේ දකුනු අත ඉස්සරහට දික් කරලා අඩියක් පස්සට ගිහිල්ලා ජන්ග්කුක් කියන්න යන එක නතර කලා..

"නෑ..මට මොකුත් අහන්න ඕනේ නෑ..අනික..අනික ඒ ඩයරි එකේ ලියපුවා ඔයා ගනන් ගන්න එපා..ඇත්තටම..ම..මම ඒවා හිතලා නෙමෙයි ලිව්වේ..ඒ වගේම ඔයා ඒවා සීරීයස් ගන්නත් එපා..මම යනවා..Safe Journey ගුකී..බායී.."

සෝයෝන් කෝච්චියක් වගේ වේගෙන් වේගෙන් කියන් ගිහිල්ලා අනිත් පැත්ත හැරිලා දුවන්න හැදුවේ උන ලැජ්ජාව නිසා රතු උන මූන හංගන්න හිතා ගෙන..

"සෝයෝනා..සරංහේ.."

ඒත් නොහිතපු විදිහට ආයේම ජන්ග්කුක් කියපු දේත් එක්කම සෝයෝන් එහෙම්ම නතර වෙලා ජන්ග්කුක් දිහා බැලුවේ එයා කියපු දේ විශ්වාස කරන්න බැරි උන නිසා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now