シ︎Chapter 25シ︎

258 54 134
                                    

සෝයෝන් එමාව බදාගෙන ඉන්න ජන්ග්කුක් දිහාත් එමා දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවේ ඇස් දෙකේ කදුලුත් පුරවගෙනමයි..

ගුකී..

නම ආයේම පාරක් අහපු ගමන් සෝයෝන් ශොක් වුනා..ගොඩාක්..

ඒ නිසාම සෝයෝන් බෙඩ් එකෙන් කලබලෙන් බැස්සේ අසිහියෙන් වගේ..සෝයෝන්ගේ අතේ ගහලා තිබ්බ සේලයින් එකේ කැනියුලා එක ගැලවිලා වුන තුවාලේ ගැනවත් මේ වෙලාවේ සෝයෝන්ට ගානක් තිබ්බේ නෑ..

ඇදෙන් බැහැලා එමා ලගට අමාරුවෙන් වුනත් තමන්‍ට යන්න පුලුවන් උපරිම වේගෙන් අඩිය තියලා සොයෝන් එමා ලගට ලන් වුනා..ඇස් දෙකේ කදුලුත් පුරවන් සෝයෝන් එමා දිහාත් ජන්ග්කුක් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා..

"මොකක්ද ඔන්නී ? ගුකී.. !! ඇයි ඔයා මේ මනුස්සයාට මගේ ගුකීගේ නම කිව්වේ ? ඇයි ඒ..!! "

සෝයෝන් අඩන ගමන්ම එමාගේ උරහිස් වලින් අල්ලන් හොලවන ගමන් ඇහුවා..එමාට සෝයෝන්ට දෙන්න ඕනී උත්තර  මොකක්ද කියලා හිතා ගන්න බැරිව ගොලු වෙද්දී ජන්ග්කුක්ගේ ඇස් තිබ්බේ නම් සෝයෝන්ගේ ලේ ගලන අත දිහා..ජන්ග්කුක් එයාගේ අතින් හිමින් සැරේ සෝයෝන්ගේ අත අල්ලනවත් එක්කම සෝයෝන් එහෙම්ම ජන්ග්කුක් දිහා බැලුවා..එමාව අත ඇරිය සෝයෝන් අඩියක් පස්සට වෙලා ජන්ග්කුක් දිහා බලාගෙනම..

"ක..කවුද ඔයා..? ඇයි ඔයා ඉස්සෙල්ලා එහෙම හැසුරුනේ !! ඇයි ඒ..? මට කියන්න..ඇයි ඒ.. !! බැරි වෙලාවත් ඔයා මගේ ජන්ග්කුක්..ආනියා..ඒක වෙන්න බෑ..ඒත්..ඇයි මට එහෙම හිතෙන්නේ !!! "

සෝයෝන් එයාගේ කොන්ඩේ අතරින් වේගෙන්  ඇගිලි යවන ගමන් කෑ ගැහුවේ එතන ඉන්න හැමෝම ඉන්න තැනම ගල් ගැහෙද්දී..ඒ නිසාම එමා ජන්ග්කුක් දිහා බැලුවේ අසරණ වුන ඇස් වලින්..

එමා බය වුනා සෝයෝන් දැන් ඉන්න තත්වෙත් එක්ක එයාගේ ගුකීගේ ඇත්ත කියන්න..මොකද ඒක සෝයෝන් කොහොම දරා ගනීද කියලා එමාට හිතා ගන්න බැරි වුනේ ඇත්ත දැන ගත්තාම තමනුත් කොච්චර ශොක් වුනාද කියලා..එහෙව් එකේ සෝයෝන් ඒක කොහොම භාර ගනීවීද කියලා..

හැමෝගෙම නිහඩ බව සෝයෝන්ට ගෙනාවේ තවත් අපහසුතාවක් විතරමයි..

"ඇයි !! කවුරුත් කතා කරන්නේ නැත්තේ ? කවුරුම හරි මොනවා හරි කියන්නලාකෝ !! අනේ  ප්ලීස්.. මේ ඉන්නේ මගේ ගුකිද ?  "

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now