ツChapter 33ツ

201 48 18
                                    

එමාගෙන් ලැබුන කෝල් එක ආන්සර් කරපු ජන්ග්කුක් බැලුවේ සෝයෝන් දිහා..
සෙමට්‍රි එකේ තමන්ගේ ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් කොත් ලග දණ ගහන් සෝයෝන් ඒ දෙන්නා එක්ක ලොකු කතාවක..

ඒ දිහා ටික වෙලාවක් බලන් හිටිය ජන්ග්කුක් පෝන් එකත් සාක්කුවට දාගෙන හිමින් සැරේ අඩිය තියෙන ගමන් සෝයෝන් ලගට ගියා..ජන්ග්කුක් සෝයෝන් ලගින්ම දණ ගහගෙන එයාගේ කරට අත දලා තුරුල් කරගන්න ගමන්..

"සෝ...අපි දැන් යමුද?"

"දැන්ම..මෙච්චර ඉක්මනට.."

සෝයෝන් දුක හිතෙන මූනකුත් හදන් ජන්ග්කුක්ගෙන් අහද්දී ජන්ග්කුක් ඔලුව වැනුවේ 'ඔව්' කියන්න..

"ඒ ඇයි? අපි ඇවිල්ලා තාම ගොඩාක් වෙලා නෑනේ ගුකි.."

"ඒත් සෝ ආන්‍ටි ඔයාව හොයනවාලු..අපි දෙන්නාව අහු වෙලා..දැන් මට නූනා කතා කලා..එයා ඉන්නේ ගොඩාක් තරහෙන්..එයා කිව්වා මට විනාඩි තිහයි උපරිම දෙන්නේ කියලා..දැන් යන්.."

"මොකක්..!!"

"හුම්.."

"ඉවරයි ඉවරයි..ඔක්කොම ඉවරයි..යන් ඉක්මනට.."

සොයෝන් ජන්ග්කුක්වත් තල්ලු කරලා දාලා නැගිටලා ආයේම වතාවක් ජන්ග්කුක්ගේ ඔම්මාටයි අප්පාටයි ආචාර කරලා ඉක්මනට දුවගෙන ගියේ කාර් එකට නගින්න..සෝයෝන් තමන්වත් දාලා දුවන දිහා එකපාරටම තේරුම් ගන්න බැරි වුන ජන්ග්කුක් අන්ද මන්ද වෙලා බලන් හිටියේ තමන් ඉන්නේ පොලෝ මාතාව සිප ගෙන කියන එකත් අමතක කරන්..හරි සිහියට ආව ජන්ග්කුක් අතකුත් බිමට බරකරන් නැගිට්ටේ මූනත් පොඩි කරන්...

"දැක්කා නේද ඔම්මා අප්පා ඔය දෙන්නාගේ ලේලි පොඩ්ඩ..මාව ගනන් ගන්නේවත් නැතුව මම දුවලා ගිය ලස්සන.."

ජන්ග්කුක් මූනත් පොඩි කර කර ඇදුමේ ගැවුන දූවිල්ල පිහදාන ගමන් කිව්වා..

"එහෙනම් ඔම්මා අප්පා මම යනවා..ආයේම පුළුවන් ඉක්මනට මම ඔය දෙන්නව බලන්න ඔයාගේ සෝවත් එක්කන් එන්නම්.."

ජන්ග්කුක් එයාගේ ඔම්මාටයි අප්පාටයි දෙන්නාට ආචාර කරලා එතනින් දුවලා ගියේ සෝයෝන්ව ඉක්මනට පරිස්සමෙන් ගෙදර ගිහින් බස්සන්න ඕනි නිසා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now