"එයා මට ඩිනර් අවුට් එකකට යන්න ලෑස්ති වෙන්න කියපු නිසා මම මගේ හැම වැඩේම Postponed කරලා උනත් හරිම සතුටෙන් හිටියේ..ඒ මට කාලෙකින් මගේ ආදරෙත් එක්ක ඉන්න හම්බෙනවා කියලා..ඒ නිසා මම බොලද ආදරවන්ති වගේ ලස්සනට ඇදලා හොටෙල් එකේ එයා බුක් කරපු ටේබල් එකට වෙලා බලන් හිටියා එයා එනකන්..කියපු වෙලාවටත් එයා නැති වෙද්දී ඉවසලා බැරිම තැන මම කෝල් කලා සන්වුන්ට..එක දිගට කෝල් කලත් එයාගේ පෝන් එක බිසී..ඒත් එක වෙලාවක එයා කෝල් එක ආන්සර් කලා..මට අද වගේ මතකයි ඒ දවස.."
*
*
*
*
*
*
📲 Sungwoon ❤️
"ආහ් බේබී කියන්න.."
"බබා ඔයා කොහෙද ඉන්නේ...ඇයි පෝන් එක බිසී.."
"අනේ බේබි මට හදිස්සියේ මීටින් එකක් වැටුනානේ..මම මේ දැන් මීටින් හෝල් එකට යන ගමන්.."
"මේ රෑ.."
"ඔව් නේ..ඔයා කොහෙද ඉන්නේ..තවම ආවේ නෑනේ..අපි වෙන දවසක එලියට යමු හොදද ?? මම තියනවා බබා..මීටින් එක පටන් ගන්න හදන්නේ..ටේක් කෙයාර්..ලව් යූ.."
මම තවත් මොනවාත් කියන්න කලින් සන්වුන් කෝල් එක කට් කලා..
අඩුම මම ආයේම ගෙදර යන්නේ කොහොමද කියලවත් එයා ඇහුවේ නෑ..මට දුකක් දැනුනත් මම හිත හදා ගත්තේ අපි දෙන්නාම බිසී නිසා මේ වගේ දේවල් වලට කොහොමත් මුහුන දෙන්න වෙන නිසා..
හිතට අවුල් උනත් මම ඒක ගැන නොහිතා කැබ් එකක් දාගත්තේ සන්වුන් එක්කම ගෙදර යන්න හිතන් මගේ කාර් එක ගෙදර දාලා ආපු නිසා..ආයේම ගෙදරට කෝල් කරලා ඩ්‍රයිවර්ව ගෙන්න ගන්න වෙලා යන නිසා මම කැබ් එකේ යන්න හිත හදා ගත්තා..විනාඩි ගානක් යනකන් මට ඉන්න උනත් කැබ් එක ඉක්මනට ආවා..
කැබ් එකට නැගලා සීට් එකට ඔලුව බර කරගෙන මම හිටියේ මට දැනුන කම්මැලිකමට වගේම දුකට..
හරියටම සන්වුනුයි මායි සති තුනකින් හම්මුනේ නෑ..අඩුම කෝල් කලත් ඒවා විනාඩි ගානකට විතරක් සීමා උනා..මට පාලුයි..දුකයි..
ඔහේ සීට් එකට ඔලුව බර කරන් ගිය මම ආයේම මගේ ඔලුව ඉස්සුවේ මගේ පෝන් එකට කෝල් එකක් ආපු නිසා..කම්මැලි කමෙන් පෝන් එක අතට ගත්ත මම බැලුවේ කවුද කතා කරන්නේ කියලා..
YOU ARE READING
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞]
FanfictionDon't Copy My Works.. Start Date - 24/02/2022 Finished Date - 03/07/2022 -Jungkook Main Love Confidence Childhood Friendship Childhood Love © February @Boboo_kitty