シ︎Chapter 18シ︎

239 57 25
                                    

එමා බෝගම් ලගට ලන් වෙනවත් එක්කම බෝගම් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා..

"නූනා.."

බෝගම්ගේ ඇස් අමුතු එලියකින් දිලිසෙද්දී බෝගම් එමා දිහා බලලා එහෙම කිව්වත් වුනේ නම් කවුරුත් බලාපොරොත්තු වුන දෙයක් නෙමෙයි..

චටාස්..

බෝගම්ගේ කම්මුලට එමා තදින් පාරක් ගහපු පාරක් නිසා බෝගම් එහෙම්ම බිත්තියට හේත්තු වුනත් බෝගම් තමන්ගේ කම්මුල අල්ලගෙන එමා දිහා බැලුවා..ඒත් ඒ අහිංසක ඇස් වල තරහවක් ගෑවිලාවත් තිබ්බේ නෑ..

එමා බෝගම්ට ගහපු පාරත් එක්ක ඒ දිහා ඇස් දෙකත් ලොකු කරන් නාම්ජුන් බලන් හිටියේ එමාගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නැති නිසා..නාම්ජුන්ව ඉන්න තැනම ගල් ගැහිලා වගේ..ටේ එමා බෝගම්ට ගහපු පාර දැකලා එහෙම්ම තමන්ගේ කම්මුල අතකින් අල්ල ගත්තේ ඒ පාරේ සැර කොයි වගේද කියලා හිතින් හිතන ගමන්..මොනවා වුනත් ඒක දැක්ක ටේට නිකන් ඒ කම්මුල් පාර තාමන්ට ගැහුවා වගේ වුනා..යුන්ගි ඒක දිහා තොලේ කොනකින් හපන් අත් දෙකත් ඉනට තියන් කරදරයෙන් බලන් හිටියේ එමාට ඕන දෙයක් කරන්න දීලා වගේ..මොකද එමාව මේ වගේ වෙලාවට නැවැත්තුවොත් එමා මීට වඩා දෙයක් වුනත් බෝගම්ට කරයි කියලා..

බිත්තියට හේත්තු වුන බෝගම්ව ආයේ තමන්ගේ පැත්තට හරව ගත්ත එමා බෝගම් දිහා බලාගෙන..

"මට නූනා කියන්න තමුසේ කවුද ආ..ආ...කියනවා..ම්ම්..මම එමා..ලී එමා..මට කතා කරන්න ඕනී නම් මගේ නමින් කතා කරනවා.."

එමා බෝගම්ගේ ඇස් දිහා බලාගෙන එහෙම කියද්දී බෝගම් තමන්ගේ යටි තොල හපන් එමා දිහා බලලා ඔලුව වැනුවේ හා කියන්න වගේ..ඒත් ඒ වචන බෝගම්ව ගොඩාක් රිද්දුවා..

"තමුසේ ඇක්සිඩන්ඩ් කලේ මගේ නංගිව..මගේ සෝව..මගේ සෝට මේ ඇක්සිඩන්ඩ් එකෙන් මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් හරි ඔලුව වැදුන පාර මෙමරි ලොස්ට් එකක් හරි මේ එකක්වත් නැතුව වෙන කෙහෙල්මලක් හරි වුනොත් මම තමුසෙව ජීවීත කාලේම හිරේ ඉන්න තැනට වැඩ කරනවා..තමුසේ දන්නේ නෑ මගේ හැටි..මම මගේ සෝ වෙනුවෙන් මට තමුසේගේ ජීවීතේම විනාස කරලා දන්න පුලුවන්.."

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now