ඔලුවෙයි ඇගෙයි තියෙන වැලි ගස ගසාම ජන්ග්කුක් එයාගේ කාර් එක ලගට යනකොටත් සෝයොන් එතනට ගිහිල්ලා තිබ්බා..කාර් එකේ බොනට් එකට හේත්තුවක් දාගේන ජන්ග්කුක් එනකන් සෝයෝන් බලාගෙන හිටියේ හිනා වෙවී..
"අයිගූ ගුකී , ඔයාට ඔච්චර වෙලා යනවද අනේ එන්න..ඔයා නාකි වෙලාද මන්දා "
"හහ්..ශෝක් විහිලුව..සෝ ෆනි.."
ජන්ග්කුක් සෝයෝන්ට ඇද කරලා කියන ගමන්ම ලන් වුනා..
එලියේ සිතල රෑ වෙන්න වෙන්න ගොඩාක් වැඩි වුනේ දෙන්නාම නොහිතපු විදියට..මුහුද පීරන් එන සීතල හුලග සෝයෝන්ගේ කොන්ඩෙත් එක්ක සෙල්ලම් කරද්දී සෝයෝන් කොන්ඩේ එහාට මෙහාට හැදුවේ මූනට වැටෙන කෙහෙරැලි අයින් කරන්න ඕනි නිසා...ඊටත් වඩා සීතලට ඇගෙ හිරිගඩු පිපෙද්දී සෝයෝන් තමන්ගේ අත් දෙකම පිරිමැද්දේ ඇග උනුසුම් කරගන්න..
ජන්ග්කුක් සෝයෝන් දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ..ජන්ග්කුක්ට හිතුනෙම සෝයෝන් කියන්නේ එයාගේ ඉස්සරහා තියෙන ලස්සනට ඇදපු සිතුවමක් කියලා..කිසිම අඩුවක් නැති තරම්..සෝයෝන් දිහා බලාගෙන හිටිය ජන්ග්කුක් ආයේම පියවි සිහියට ආවේ සෝයෝන්ගේ කට හඩින්..
"ගුකි.."
සෝයෝන් ජන්ග්කුක්ගේ මූනට ලන්වෙලා ඇස් දෙකත් ලොකු කරන් ඇහුවේ ජන්ග්කුක්ව හොල්මන් වෙලා යද්දී..
"ආ..ඇයි ? "
"මොකද ඔයා හිටන් ඉන්නේ..අපි යන්නේ නැද්ද ? තව වෙලා ඉන්නවාද ? "
සෝයෝන් හුරතල් හිනාවක් දාගෙන සෝයෝන්ගෙන් අහද්දී ජන්ග්කුක් සෝයෝන් දිහා බලලා සෝයෝන්ව ඇදලා තමන් ලගට අරගෙන බදාගත්තා....
" සීතලයි නේද ?කෝ එන්න.."
"හුම්..සීතයි නම් තමා.."
සෝයෝන් කටත් උල් කරන් පොඩි එකෙක් වගේ කියද්දී ජන්ග්කුක් සෝයෝන්ගේ කම්මුලක් මිරිකුවේ හිනා වෙවීමයි..
"හුම්..ඒකනේ..මට අමතක වුනානේ ඔය ෆ්රොක් එකට ඕවර් කෝට් එකක් ගන්න..But I have an Idea.."
ජන්ග්කුක් සෝයෝන් දිහා බලලා වින්ක් කරලා smirk එකකින් කියලා සෝයෝන්ව ජන්ග්කුක්ට තුරුල් කරගත්තේ සෝයෝන්ගේ පිට ජන්ග්කුක්ගේ පපුවට තද වෙද්දී..එහෙම්ම සෝයෝන්ව බදාගෙන අතක එල්ලන් හිටිය බ්ලේසර් එක ඇදලා සෝයෝන්වත් එකෙන් කවර් කරගෙන සෝයෝන්ගේ උරහිස්සෙන් ඔලුව තියාගෙන සෝයෝන්ගේ මූන දිහා එහෙම්ම බැලුවේ හිනා වෙවී..
![](https://img.wattpad.com/cover/300828068-288-k769188.jpg)
YOU ARE READING
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞]
FanfikceDon't Copy My Works.. Start Date - 24/02/2022 Finished Date - 03/07/2022 -Jungkook Main Love Confidence Childhood Friendship Childhood Love © February @Boboo_kitty