සෝයෝන් ජන්ග්කුක් හමුවත් එක්කම කාලය ගෙවිලා ගියේ ගොඩාක් වේගෙන්..සෝයෝන්ව සිද්දිය වෙලා පහුවෙනිදාම හොස්පිට්ල් එකෙන් discharge කලේ එමාගේ වගේම ජන්ග්කුක්ගේ බලකිරිල්ලටමයි..ලොකු අමාරුවක් සෝයෝන්ගෙනුත් පෙන්න නොතිබ්බ නිසා සෝයෝන්ව භාර හිටිය ඩොක්ටර් ජිනුත් ඒ දේට කැමති වුනා..
සෝයෝන්ව ආපහු ගෙදර ගෙනාවටත් පස්සේ සෝයෝන්ගේ ඔම්මාටයි අප්පාටයි වුන හැමදෙයක්ම ආපහු තේරුම් කරලා දෙන්න ගුකි නොහොත් ජන්ග්කුක් පුදුම විදිහේ කට්ටක් කෑවේ..අන්තිමට ජන්ග්කුක්ට සොයෝන්ගේ ඔම්මාගෙන් හොට ටොකු පාරකුත් කන්න වුනේ කලින් මේ කිසි දෙයක් ඒ දෙන්නාටම නොකිව්ව නිසා..
අන්තිමට කොහොම හරි ජන්ග්කුක්ට ටේලගේ ගෙදරින් එන්න වුනේ සෝයෝන්ගේ අප්පාගේ දැඩි ඉල්ලිම මතමයි..ඒ ඇවිත් සෝයෝන්ලගේ ගෙදරම නවතින්න කිව්වේ ඉස්සර ඉදන්ම ඒ අය ජන්ග්කුක්ව තමන්ගෙම පුතෙක් විදිහට සලකපු නිසාමයි...ජන්ග්කුකුත් බොරුවට එන්න බෑ කිය කියල දැගලුවත් එයාගෙත් හිත යට තිබ්බේ නම් කොහොම හරි එයාගේ සෝ ලගටම වෙලා ඉන්න තමා..
*
*
*
*
After One Week
මේ හැමදේම වෙලා අදට සතියක් වෙද්දී අද දවස කිම් ෆැමිලි එකට වගේම ලී ෆැමිලි එකටත් ගොඩාක් ස්පෙශල් වුනා..ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අද නාම්ජුන් වගේම එමාත් නීතියෙන් එකතු වෙන දවස නිසා..
පාන්දර ඉදන්ම එමාව ලෑස්ති කරන්න makeup artists ලා ආව නිසා සෝයෝනුත් ඒ වෙලාවම නිදි නෑ..එහාට යනවයි මෙහාට යනවයි ඉවරයක් නෑ..එමාට කේන්ති ගිහිල්ලා කන්නාඩියටම රවන වෙලාවට එමා ලගට වෙලා එමාව කූල් ඩවුන් කරන්න පවන් ගහන එක තමා සෝයෝන්ට තිබ්බ ලොකුම රජකාරිය..
ඒත් මේ හැමදේම වෙන වෙලාවේ එක්කෙනෙක් පස්සත් උඩ දාගෙන හොදටම නිදි..ඒ වෙන කවුරුත් නෙමෙයි සෝයෝන්ගේ මහ ලොකු ගුකී..
අද දවසේ කිසිම විශේෂත්වයක් නෑ වගේ ඔහේ කුණුකෙලත් පෙරන් නිදන් ඉන්න ජන්ග්කුක්ව ගැස්සිලා ඇහැරුනේ අනපේක්ෂිත ජල ප්‍රහාරයක් නිසා..
"යාහ්..ගුකී..නැගිටින්නේ නැද්ද ආහ්.."
කන ලගින් ඇහුන ඒ උච්ච ස්වරයත් එක්ක මූන ඔබන් හිටිය කොට්ටෙන් මූන පොඩ්ඩක් ඈත් කරලා ජන්ග්කුක් ඔලුව ඉස්සුවේ එකපාරටම වුන දේ ඔලුවේ ප්‍රෝසෙස් කරගන්න වගේ..
![](https://img.wattpad.com/cover/300828068-288-k769188.jpg)
YOU ARE READING
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞]
FanfictionDon't Copy My Works.. Start Date - 24/02/2022 Finished Date - 03/07/2022 -Jungkook Main Love Confidence Childhood Friendship Childhood Love © February @Boboo_kitty