"ටේ..මට සෙමිට්‍රි එකට යන්න පාර මතක නෑ..මට ඒක කියන්න පුලුවන්ද ? අර Yonsei University එක පාරේ ගිහිල්ලා යන්නේ..අන්න ඒකට.."
බෝගම් ගානක් නැතුව කියද්දී ටේ ටික වෙලාවක් කල්පනා කරලා බෝගම්ට යන්න ඕන විදිහට කිව්වා..ඒත් එක්කම ටේ..
"ඇයි එකපාරටම මෙහෙට ආව ගමන් සෙමිට්‍රි එකට යන්නේ බෝගම්.."
"නිකන්..මම අදුන කෙනෙක්ව කාලෙකින් මට බලන්න යන්න බැරි වුනා..කොරියාවට ආව එකේ මට එයාලව බලලා යන්න බැරි වුනොත් හිතට හරි නෑනේ ටේ..ඒකයි.."
බෝගම් ශේප් එකේ ඇගට පතට නොදැනෙන්න කියද්දී ටේ මුකුත් නොකියා ඔලුව වැනුවා..
( මම මෙතන ඉදන් බෝගම් එහෙමත් නැත්නම් ජන්ග්කුක්ව එයාගේ ඇත්ත නමින්ම කතාවට දාන්නම්..)
දෙන්නාම කාලා ඉවර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ජන්ග්කුක ටේගේන් කාර් එකකුත් ඉල්ලගෙන ටේ කිව්ව විදිහට මැප් එකත් දාගෙන කිම් හවුස් එකෙන් එලියට බැස්සේ හරියටම මීට අවුරුදු නවයකින් තමන්ව දාලා ගිය ඔම්මායි අප්පායි බලන්න හිතන්..
විනාඩි හතලිස් පහක පනහක ගමනකින් පස්සේ ජන්ග්කුක්ට සෙමිට්‍රි එක ලගට යා ගන්න පුලුවන් වුනා..ජන්ග්කුක් කාර් එකත් නවත්තලා වටපිට බලලා එයා මගින් එද්දී අරන් ආව මල් පොකුරත් ඉටිපන්දමුත් අරන් දිහා බලාගෙනම තමන්ගේ ඔම්මායි අප්පාගෙයි සොහොන් කොත් තියෙන තැනට ලන් වුනත් දුරින් ඉදන් දැක්ක දේ එක්ක ජන්ග්කුක් ඉන්න තැනම නැවතුනා..
ජන්ග්කුක් දැක්කේ තමන්ගේ ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් කොත් ලග තමන්ට පිටුපාලා හිටිය පිරිමි කෙනෙක්ව..ඒ දිහා ලග තිබ්බ ගහකට මුවා වෙලා ජන්ග්කුක් බලාගෙන හිටියේ එකපාරටම එතනට යන්න බැරි නිසා..
මොකද තමන් මෙහෙට මැරුන කෙනෙක් නිසා..
ඒ කෙනා එතනින් ටික වෙලාවක් එතන ඉදලා එහෙම්ම හැරිලා දුවලා ගියේ හරියට තව කෙනෙක්ව අල්ලන්න යනවා වගේ..ලාවට පැත්තට වගේ ඒ කෙනාව දැක්ක ජන්ග්කුක් හරියටම දැක්කේ ඒ කෙනාගේ කොන්ඩේ පාට විතරයි..ඒ තද දුබුරු පාට කියලා විතරයි..
ඒ පිරිමි කෙනා සොහොන් කොත් ලගින් යනවත් එක්කම වගේ ජන්ග්කුක් හිමින් සැරේ එයාගේ ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් කොත් ලගට ආවා..
YOU ARE READING
シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞]
Hayran KurguDon't Copy My Works.. Start Date - 24/02/2022 Finished Date - 03/07/2022 -Jungkook Main Love Confidence Childhood Friendship Childhood Love © February @Boboo_kitty