シ︎Chapter 9シ︎

257 58 171
                                    

යුන්ගි කාර් එක ඩ්‍රයිව් කරන් ඉස්සරහට යද්දී මම එයාගෙන් ලොකු වෙනසක් දැක්කා..මම දැක්කා යුන්ගි කලබල වෙලා ඉන්න වග..

එයා ඩ්‍රයිව් කරන ගමන් මොකක් හරි දෙයක් ගැන බරටම කල්පනා කර කර ගියේ..වෙලාවකට එයා තනි අතකින් ඩ්‍රයිව් කරන් අනිත් අත ග්ලාස් එකට හේත්තු කරගෙන එයාගේම නලල මිරිකන ගමන් ඩ්‍රයිව් කලේ ලොකු අවුලකින්...

"යුන්ගියා.."

මේ දේ බලන් ඉන්න බැරි නිසාම මම යුන්ගිට කතා කලා..මගේ කට හඩ ඇහුනාම යුන්ගි ගැස්සිලා වගේ මන් දිහා බැලුවේ එයා වෙන කල්පනාවක හිටිය නිසා කියලා මට එවෙලේ හොදටම තේරුනා..

"ඕ..කියන්න එමා.."

"මොකක්ද ඔයා කල්පනා කරන්නේ..අනික අපි මේ කොහෙද යන්නේ යුන්ගියා..මේ පාර පාලු පාරක්නේ.."

මම ඇහුවේ වින්ඩෝ එකෙන් එලිය බලන ගමන්..

අතරින් පතර බාගෙට හදන් යන බිල්ඩින් තිබ්බ ඒ පාර ගොඩාක්ම මූසලයි..මිනිස් පුලුටක්වත් නැති ඒ පාරේ යුන්ගි මාව එක්කන් යන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැරි උනා..

මම අහපු දේට යුන්ගි ලාවට හිනා වෙලා..

"ඇයි මොකෝ ? මන් එක්ක ඉන්න බයද ඔයාට.."

"නෑ.. විකාරද ? එහෙම දෙයක් නෙමෙයි යුන්ගියා..ඒත් මේ වගේ පාලු පැත්තකට ඔයා මාව එක්කන් එන්න මොකක්ද හේතුව කියලා මම කල්පනා කලේ.."

"ම්ම්..හේතුව මොකක්ද කියලා ඔයාට තව ටිකකින් දැන ගන්න පුලුවන්..බට්..මම දෙයක් කියන්නම්..මොන දේ උනත් , මොන දේ දැක්කත් පිස්සියක් වගේ හැසිරෙන්නේ නෑ කියලා මට ප්‍රොමිස් වෙනවකෝ.."

යුන්ගි එයාගේ දකුනු අත මන් දිහාවට දික් කරාම මම එයාගේ සුලැගිල්ල අල්ලගෙන..

"ප්‍රොමිස්.."

මම එහෙම කිව්වත් යුන්ගි මුකුත් නොකියා හිනා වෙලා ආයේම ඉස්සර බලාගෙන ඩ්‍රයිව් කලා..

ඒත් ඊටත් විනාඩි ගානක පස්සේ යුන්ගි කාර් එක නතර කලේ තවත් කාර් එකක මුහුණට මුහුණලා හිටින විදිහට..ඒ කාර් එක කාගේද කියලා අදුන ගන්න මට බැරි උනේ නෑ..මට හිතා ගන්න බැරි උනා..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now