シ︎Chapter 28シ︎

262 51 57
                                    

එමා ෆ්ලවර් බොකි එක විසික් කරලා පිටිපස්ස හැරෙද්දී දැක්ක දේ නිසා එමාට හිනාවක් පැන්නේ ඒක ඒ තරම්ම ලස්සන දර්ශනයක් නිසා..

එමා විසික් කරපු ෆ්ලවර් බොකි එක එතන හිටිය ගෑනු ලමයි කිසිම කෙනෙක්ට අල්ල ගන්න බැරි වුනා..හෝල් එකෙන් එලියට එන ගමන් හිටිය යුන්ගි එක පාරටම දැක්කේ කෙල්ලො වගයක් කෑ ගහන ගමන් උඩ පැන පැන දගලනවා..ඇහැ පොඩ්ඩක් ඒ පැත්තට දාපු යුන්ගි දැක්කේ එමා ෆ්ලවර් බොකි එක විසික් කරන්න හදනවා..

සාමාන්‍යයෙන් සිරිතක් විදිහට ඒක ගන්න ගෑනු ලමයි පොර කෑවත් වයින් ග්ලාස් දෙක තුනකුයි ලිකර් ග්ලාස් හතර පහකුයි අරන් ලාවට වගෙ වෙරි තිබ්බ යුන්ගිත් ආතල් එකට වගේ ඒක එතනට වෙලා හිටියේ ෆ්ලවර් බොකි එක අල්ලන්න හිතන් නෙමෙයි..ඒත්

උඩ පැන පැන හිටිය කෙල්ලෝ කිසි කෙනෙක්ට ඒක අල්ලන්න බැරි වෙද්දී නොහිතපු විදිහට ඒක යුන්ගිගේ පැත්තට එද්දී යුන්ගිත් උඩ පැන්නේ ඒක අල්ලන්න හිතන්..හැබැයි වුනේ නම් ඒක නෙමෙයි..

යුන්ගි උඩ පනිනවත් එක්කම පැත්තක හිටිය ජන්ග්කුක් ටග් ගාලා ඒක අල්ලගන්න ට්‍රයි කලේ අද උදේ ඉදන් එයාගේ ඔලුවේ වෙන ප්ලෑන් එකක් වැඩ කර කර තිබ්බ නිසා..

යුන්ගි ඒක අල්ලගන්න හදනවත් එක්කම ජන්ග්කුක් ෆ්ලවර් බොකි එක අල්ල ගන්න පැන්න පාර දෙන්නත් එක්කම බිමට පෙරලගෙන වැටුනේ දෙන්නාගෙන් එක්කෙනෙක් බොකි එක අල්ලගෙනමයි..

"ආව්...මොකක්ද ඕයි කරන්නේ..අඩෝ...ආහ්හ්...අනේ !! ..."

ජන්ග්කුකුත් පෙරලගෙන වැටුන පාර යුන්ගි හිටියේ ජන්ග්කුක්ට යට වෙලා..වැටිච්ච පාර යුන්ගිගේ ඔලුවත් වැදුන නිසා යුන්ගිට ඇඩෙන්න වගේ ආවා..

"සො..සොරි හ්‍යුන්.."

ජන්ග්කුක් යුන්ගි දිහා බලලා හිනා වෙන ගමන් කියද්දී යුන්ගි..

"නැගිටපන් යකෝ !! මගේ කොන්දත් මොකක්ද වුනා..උබ හෙන කදයා වගේ මගේ ඇග උඩ පතබෑවුනේ මොකද ? "

යුන්ගි ජන්ග්කුක්ව ඈත් කරන්න ට්‍රයි කලත් ජන්ග්කුක්ගේ අතයි යුන්ගිගේ අතකුයි ඇගට තද වෙලා තිබ්බේ දෙන්නාම ෆ්ලවර් බොකි එක අල්ලගෙන හිටිය නිසා..වටේ හිටියා කෙල්ලො ටිකත් වැටුන ෆ්ලවර් බොකි එක හොයන්න ට්‍රයි කරන ගමන් කුටු කුටු ගාද්දී හැමෝගෙම අවදානේ මේ දෙන්නාට ලැබුන නිසා යුන්ගිට තවත් ලැජ්ජායි..

シ︎𝐎𝐧𝐜𝐞 𝐀𝐠𝐚𝐢𝐧 ||𝐉𝐉𝐊|| [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] Where stories live. Discover now