ඉදලා ඉදලා ගෝත දවස් ටිකක් සෙට් වුනා තමයි. එත් මම පස්සට යනවා කියලාද??? නෑ මේ මිත්රු ටිශේන් එහෙම බය කොල්ලෙක් නෙවේ. ඒක චාරුක දුලන්ජයට දරාගන්න බැරි කරනවා. ඉතින් ශන්ත තෝමස් vs රෝයල් බිග් මැච් එකත් ලගදීම එනවනේ... එදාට මට කරපුවාට ගොඩාක් පසුතැවෙයි එයා.
"සුදු පුතා. මොකද අනේ මේ කල්පනා කරනවා කරනවා. දැන් බලන්න කීයෙ ඉදන්ද බත් එක අනන්නෙ..." උපේ අම්මාගෙ හඩට මම සිහියට ආවේ...
"නෑ අම්මා. කන්න බඩේ ඉඩ නෑ..."
"අනේ අනේ... ඇත්ත කියනවා ලගදි ඉදන් කල්පනා කරනවා වැඩි..."
"එහෙම නෑ උපේ අම්මා..."
"කෙල්ලෙක්වත් ඉන්නවද?"
"පිස්සුද උපේ අම්මා මගෙ කොලිටිස් වලට කෙල්ලො හොයන්න නෙවේ මවන්න වෙන්නෙ."
"ඔය කල්පනාව නම් නිකන් කෙල්ලෙක් ගැන හිතනවා වගෙ"
"විකාර අම්මාට..." මම උපේ අම්මගෙ කම්මුලට කිස් එකක් දීලා කාමරෙට ආවා.'මගුල මගෙ හිත ගිය කෙල්ලව ගත්ත එකාට පාඩමක් උගන්නලා පෙන්නන්න මට ඕනේ...'
මට ෆේක් fb එකක් තිබ්බා සවිදු සසංක කියලා. ඔෆිශියල් වැඩ ඇරෙන්න හැම කුප්ප වැඩේම කරේ එකෙන්. මගෙ යාලුවෝ එකෙක් ආසාවට එකේ හිටියෙ නෑ. තරියා වුනත් එකෙ හිටියෙ ඌගෙ ෆේක් එකකින්. මට ඕනේ වුනා චාරුක ගැන හොයලා බලන්න. ඌ ගැන ඩීටේල්ස් ලැබෙනකොට මට පුලුවන් ඌට පාඩමක් උගන්නන්න... ඉතින් ගැහුවා චාරුක දුලන්ජය කියලා.
කොල්ලා ලස්සන ෆෝටෝ දාලා තියෙනවා. ඇත්තටම පොර මට වඩා පාට අඩුයි. එත් අමුතු ලස්සනක් එයා හිනා වෙද්දී මට පෙනවා. ශීයා මොනවද මේ මම හිතන්නෙ... අපේ ඉස්කෝලේ කොලු කාරයෝ ඉන්නවලු. එත් ඇත්තටම අතටම අහු වුනාම සෙට් එකම එළියට ඇවිත් චාටර් කරනවා. බොරු මොකද මාත් එහෙමයි සමසිරි ඌන් අනේ මන්දා ගෑණු නැතුවටද මූන් කොල්ලෝ එක්ක ලගින්න දගලන්නෙ. ශොකට් එකයි ශොකට් එකයි එකට වැඩක් නෑ කියලා මූන් ට තේරුනා නම් බෝයිස් ඉස්කූල් වල ඔය තියෙන මගුල නැති වෙනවා. ඔවා බෝයිස් ඉස්කූල් වල තියෙනවා කියන්නෙ ප්‍රසිද්ධ රහසක්නෙ...
මම මූගෙ හැම පෝස්ට් එකක්ම බැලුවා. හෙන අහිංසක පාටයි පිටට. අනේ ඌගෙ අහිංසක කම තියෙනවා අහවල් එකෙ... මම request එකක් දැන්මා. මොනා වුනත් අපි බලමුකො.
BẠN ĐANG ĐỌC
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Lãng mạnඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....