"මිතු... වටපිට බලන්න... ශියා ඒ කාර් එක දැන් ගොඩ වේලාවක ඉදන් අපේ පස්සෙන් එන්නෙ..." ෆැක්ටරි එකෙ වැඩ ගොඩක හිර වෙලා හිටිය අපි එහෙන් පිටත් වුනේ හවස 6ටත් කිට්ටු වෙලා. එවෙලෙ ඉදන් මොකෙක්ද මන්දා කාර් එක ෆලෝ කරනවා.
"හරි දේනු මෙහෙම කරන්න... අපි කෙලින්ම ගෙදරට ගියොත් අවුලක්. වට රවුමක් ගිහින් ඔෆිස් එකටම ආයෙ යන්න..."
"ඒත් මිතු දැන් එකට වෙලාව නෙවේ..." දේනු එහෙම කියද්දී මම බැලුවේ ඉස්සරහා. කාර් දෙකක් නවත්තලා අපිව වට කරලා. මොන හු&#%ද මේ යකෝ මට මෙහෙ මගෙ පාඩුවේ ඉන්න නෑ..."මිතූ මොකක් වුනත් ඔයා බහින්න එපා..." කේශර එහෙම කියලා බහින්න එපා කියලා අතෙන් පෙන්නුවා.
"උඹ හිතුවද බල්ලෝ මම පො&#% කියලා. මොකක් හරි වුනොත් අයින් වෙන්න. දෝදු උඹට. මමත් එළ පොරක්... බහිනවා නම් දෙන්නම එකට..." මම කිව්වා විතරයි අරුන්ගෙන් දෙන්නෙක් එළියට බැහැලා.
"මිතුවා ගනන් ගන් එක. මොකක් හරි වුනොත් ඇරලා දාපන්." කේශර පොකට් එකෙ තිබ්බ ගන් දෙකෙන් එකක් ඌ අරන් අනික මට දුන්නා. එහෙනම් ඔන්න අපි ගියා. දෙන්නම එකාට එකා බලාගෙන බැස්සා බිමට.
"ආ චූටි බේබී කොහෙ යනවද මේ..." ඉන්න මූන් සිංහලෙන් කතා කරන්නෙ කලින් පාර ඌන් ඇමරිකන් ඒත් අද...
"...."
"ඒයි ඒයි චූටි බේබී බය වෙලා සද්දේ දාන්න අමතක වෙලා." තව එකෙක් මට නෝන්ඩි දානවා. මමයි කේශරයි කට ඇරියෙ වත් නෑ. එත් එකෙක් මගෙ ලගට කිට්ටු කරද්දීම කේශර මාව කවර් කර ගත්තා."අම්මාහ් බලපන්කො ඒ ආදරේ..."
"ඕයි ඕයි..."ඌ ඒක පාරටම කේශරගෙ මූණට පාරක් දෙන්න හදද්දීම කේශර අත අඹරලා අරන් කකුල් වලින් උඩ පැනලා බඩට ගැහුවා. මමත් වැඩට බැස්සා. එක දිගට කාර් තුනකින් මිනිස්සු හයක් වගෙ ආවා. කේශරයි මායි තනියම. එකෙක් ගන් එකක් අරන් වෙඩි තියද්දී මමයි කේශරයි ගන් දෙක එළියට ගත්තා සාමෙන් නම් සාමෙන්... නැත්නම් ඒත් සාමෙන් වෙන්න අපිට හමේ රෝග මුකුත් නෑනේ. කේශරයි මායි ඇත්තටම හෙම්බත් වෙලා වගෙ හිටියේ දාර ඇගවල් තියෙන පිරිමි හතරක් වට්ටලා තව දෙන්නෙක් ඉතුරුයි උනුත් කරන්නෙ වෙඩි තියන එක. එත් එකපාරටම එකෙක් මට තිබ්බ වෙඩිල්ලකට කේශර පැන්නා. කොල්ලාගෙ අතෙන් ලේ එද්දී මම නිසා මේ ඔක්කොම කියන කේන්තියෙන් මමත් අරුන්ට වෙඩි තිබ්බා. කේශරව කාර් එකට හේත්තු කරලා මම වෙඩි තිබ්බ එකා පස්සෙන් දිව්වා ඌ කොහෙද මන්දා අස්සකට දුවනවා.

BẠN ĐANG ĐỌC
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Lãng mạnඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....