"ටනායා ඔයා කොහොමද ඔය කතා කරන්නෙ..." මිසිස් පෙරේරා මරණාසන්න බැල්මක් එක්ක අහද්දී පොඩි හිනාවකුත් එක්ක එකි කට වහා ගත්තා.
"තරියෝ... මොනවද වෙන්න ඕනෙ. ඔක්කොම රෙඩිද?"
"භාගෙට ඉවරයි බං. එත් වැඩේ කියන්නෙ හාමුදුරුවෝ එක්ක එන්නයි පිරිකර හදන්නයි ඕනේ... තව පොඩි පොඩි වැඩ තියෙනවා මම ඒ ගැන බලාගන්නම්."
"පුතාලා දෙන්නමනෙ වැඩ කරන්න ඕනේ. හරි යමන්..." මම යන්න හදද්දීම චාරුනි මගෙ ලගට ආවා."අයියා මටත් දෙන්න මොනා හරි කරන්න..." මම තරියා දිහා බැලුවා. මම දන්නවා තරියා චාරුනිට කැමති කියලා.
"හුම්ම්ම් ඉන්නකෝ නංගා. තරියෝ උඹ නංගිට පුලුවන් දෙයක් දෙන්න කරන්න..." චාරුනි තරියා පස්සෙන් යද්දී මගෙ අතට සීතලක් දැනුනා."මටත් උදව් කරන්න දෙන්න..."
"ඕනේ නෑ. ඔයාට මම හිතන් නෑ මෙතන වැඩක් කරන්න දෙයි කියලා නම් මගෙ අම්මා වෙනුවෙන්..." මම චාරුක අල්ලන් හිටිය අත ගසලා දාලා අම්මා ගාවට ගියා.
"බොහොම ස්තූති මෑම් අද අවට... ඔයාට පිං. මම එහෙනම් යනවා." මම එහෙම කියලා මගෙ අහිංසක අම්මා දිහා බැලුවා. එයා මිනි පෙට්ටියෙ නිදාගෙන ඉන්න විදිය ආයෙ හිත හදාගෙන මම යන්න පිටත් වුනා.අඩිය අඩිය ගෙදරින් එළියට තිබ්බ මට අමුත්තක් දැනුනා. ආයෙත් එක පාරක් චාරුකගෙ ඇස් දිහා බලන්න ආස හිතුනා. එත්....
මම කාර් එකට නැගලා පිරිකර ටික ලෑස්ති කරන්න ශොප් එකකට යන්න gps ඔන් කරගත්තා. ඇත්තටම මේ පැත්ත ගැන මට මතක නෑ.
"Gps ඕනේ නෑ මම පාර දන්නවා" මගෙ කන ගාවින්ම ඇහුනේ චාරුකගෙ හඩ.
"කවුද කිව්වේ මට ඔයාගෙ උදව් ඕනේ කියලා." මම සැර කරා.
"අවුරුදු 3ක් නොදැකපු කෙනෙක්ට ඔහොමද ඔයා කතා කරන්නෙ."
"කොහොමත් අපි හිතවත් නෑනේ හොදින් කතා කරන්න තරම්." මම ඔනවට එපාවට කිව්වා.
"මල්ලී... පිලිස් රණ්ඩු නොකර යමු. ඔයාට gps වලින් පාර හොයාගන්න අමාරුයි දැන්... හොද ලමයා වගෙ මාත් එක්ක යමු..." චාරුකගෙ ඒ වචන මම වලලලා දාපු ආදරේ ආයෙ ගොඩ ගන්න හදනවා කියලා හිතුනා. එත් මට බෑ අසම්මත මදිවට අනියම් affair එකක් පටන් ගන්න. ඒ මිතු උඹට මේ වේලාවේ ඕවා හිතන්න නෙවේ තියෙන්නෙ..."ඔතනින් වමට දාන්න..."
"මට මතක දකුණට වගෙ..."
"ඒ එ කාලෙ.." හා හා හුම් හුම් යමුකො...
أنت تقرأ
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
عاطفيةඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....