💙21🖤

1K 128 9
                                    

වොශ් රූම් එක ඇතුලෙන් එද්දී මිතුගෙ මූණ කලු වෙලා..

"මොකො මූණ කළු වෙලා මාව දාලා යන්න වෙනවටද?" මම එයාගෙ කම්මුල අල්ලලා ඇහුවේ ඇත්තටම දුකක් වගෙ මූණ පුරාම දෙයක් තිබ්බ නිසා.

"මුකුත් නෑ. මම ඉක්මනින් එන්නම් එතකල් අර උඩැච්චි එක්ක නොයා ඉන්නවා. දැන් යමු අම්මා මෙහෙට එන්න කලින්."

නිතරම ටනායා අපේ ටොපික් එක වෙලා දැන්. ශික් මේ මනුස්සයාට ඔය වගෙ ඒවට කේන්ති යනවා කියලා දැනගන්න තිබ්බා මටත්.

විනාඩි 10ක් තියෙද්දී එයා යන්න යද්දී ආයෙත් පපුව හිරවෙන වේදනාවක් කොදු ඇට පෙල දිගේම ඇවිද්දා... එයා නොදන්න එකම දේ මම එයාට පැලෙන්න ආදරේයි කියන එක...

***********

මිතු pov.

මොනා වුනත් චාරුක අයියව දාලා යන්න මට දුකයි. එත් මම මෙහෙ ඉන්න එකෙන් ප්‍රශ්නෙ තවත් වැඩි වෙනවා විතරයි. මමවත් නොදන්න අමුතුම තාලෙ මගුලක් මෙතන තියෙන්නෙ.

මගෙ ලගට කවුරු හරි ඇවිත් ඉදගන්නවා දැනුන නිසා වැහිලා තිබ්බ ඇස් දෙක ඇරලා බැලුවා.

"මිතු..."
"අයියා ඔයත් එනවද යන්න... එතකොට හොස්පිටල් එක..."
"මම සතියක නිවාඩුවක් දැන්මා. ඔයා දන්නවා මම ෆ්‍රී කියලා. මට මේ වෙලාවේ ඔයා එක්ක ඉන්න ඕනේ..."
"ඒත්... මම කිව්වා කිසිම ප්‍රශ්නයක් දා ගන්නෙ නෑ කියලා."
"එත් මම බයයි. ඒ මිනිහාගෙ හරි අරමුණ තාම අපි දන්නෙ නෑ."
"එත් මෙතන අපේ තාත්තාගෙ සම්බන්ධයකුත් තියෙනවා. ටනායාගෙ තාත්තා. මොකක්ද මේ මිනිස්සු තුන් දෙනා අස්සෙ තියෙන රහස. මට මෙච්චර දෙයක් කරලාවත් අපේ තාත්තා ඇයි කියන්න එයාට මුකුත් නොකරන්නෙ... චාරුකද හේතුව."
"ඒයි... දැන් අපි වෙන දේ මුලින් බලමු. ඔයාගෙ බොඩිගාර්ඩ් ඉන්නවා අපිව පිලිගන්න..." විශ්ව අයියත් මාත් එක්කම ආව එක ගොඩාක් හොද වුනා. මට දරාගන්න බැරිම වුනේ චාරුක අයියගෙ මූණ මැවි මැවි පේන එක.

************

ඇමරිකා වලට යන්න ඔන්න මෙන්න තියලා මම සූට්කෙස් එකෙන් ෆුල් සූට් එකක් එළියට ගත්තා. මම ඉතින් නීඩ් වෙන්න ඕනේ. ලංකාවේ චරිතේ නෙවේ ඇමරිකාවේ ඉන්නෙ...

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Where stories live. Discover now