තරිදුට හංගලා වැඩක් නෑ කියලා තේරෙද්දී මට ගොඩාක් තැන් මිස් වෙලා තිබ්බා. ඇත්ත මොකක්ද බොරු මොකක්ද කියලා මම දන්නෙ නෑ... එත් මම දන්න එකම දේ මම දැන් ඇමරිකා යන්න ඕනේ කියලා. ඔව් මේ ලංකාවට ආව අන්තිම පාර වෙන්න ඉඩ තියෙනවා. දැන් තත්ත්වේ එක්ක මම ලංකාවේ ඉන්න එක ගොඩාක් ලොකු අවධානම් දෙයක්. මටම අවධානම් එකෙ අනික් අය ගැන හිතලා වැඩක් නෑ...
එයාපෝර්ට් එකට එක්ක යන්න ආව තරිදු එක්ක මම කාර් එකෙ යද්දී මගෙම තාත්තාට වේලාවක් නෑ අන්තිම පාරට මට සමු දෙන්න...
"උඹට විශ්වාසද චාරුකට කියන්න ඕනේ නෑ කියලා..."
"ඔව් බං එයාට ආයෙ මාව දකින්නවත් ඕනේ නැතුව ඇති..."
"මිතු මට කියපන් උඹ ඌට ලව් ද?"
"ඔව්... මට වෙන එකෙක් එක්ක ඉන්න බෑ. අඩුම කිස් එකක් වත් දෙන්න බෑ... මම අමු පිස්සෙක් වෙලා. මෙහෙ හිටියොත් මේ ප්‍රශ්න දුර යනවා. උඹ දන්නවා ඌගෙ තාත්තා කවුද කියලා..."
"ඇත්ත. මමත් ආස නෑ උඹ කරදරේ වැටෙනවට. උඹලගෙ තාත්තාට ගොඩාක් දේවල් පුලුවන් බව ඇත්ත. මම හිතන් නෑ ඌගෙ තාත්තා එක්ක ඇවිලෙන්න පුලුවන් වෙයි කියලා. අනික ගිය පාරත් ඔය අන්කල්ම නේද උඹට ගැස්සෙව්වේ..."
"හුම්ම් ඔව් බං... ඒත් ඌ හේතුවක් කියලා නෑ..."
"මිතු උඹ පරිස්සම් වෙයන්... මම එදා චාරුකට දැන ගන්න දුන්නෙ නෑ වුනේ මොකක්ද කියලා. ඌගෙ තාත්තා ආයෙ උඹට අත තිබ්බොත් මම කට පියන් ඉදි කියලා උඹ හිතන්න එපා."
"එයා මොනවා කරන්නද බං... අපි වැරදි තැනක ඉපදිලා වැරදි මිනිස්සු එක්ක..."
"උඹට මම ඉන්නවා. චාරුක නැති වුනොත් මාව තෝර ගනින්..."
"අපෝ තෝ නම් එපා මගෙ බල්ලටවත්... ඇටයා..."
"වරෙන් පෙන්නන්න..." තරියා කලිසමෙ බොත්තම ගලවනවා වගෙ පෙන්නුවා."හුත්... පාරේ ලබ්බෝ ඉන්නෙ එළවපන්... උඹ මගෙන් අහගන්න දගලන්නෙ..."
"අඩෝ අඩෝ... පාරේ නැත්තම් හාද?"
"ජෝක් ඇති..."
"ජෝක් නෙවේ සිරා කිව්වේ.. කවුරු නැතත් උඹට තරියා කියලා එකෙක් ඉන්නවා... මම හැමදාම උඹේ පැත්තේ..." තරියා ඒ ටික නම් සිරාවටම කිව්වේ කියලා තේරුනා ඔලුව වනනවා ඇරෙන්න දෙයක් මට තිබ්බේ නෑ කරන්න...එයාපෝර්ට් එකට ගිහින් මම වටපිට බැලුවා. මේක හින්දි ෆිල්ම් එකක් වුනා නම් චාරුක ඇවිත් මාව උස්සලා රවුම් දෙක තුනක් කරකවලා අම්බානෙකට කිස් දීලා පුලුවන් වුනොත් එයා පෝර්ට් එක ඇතුලේ හැංගි මුත්තම් කරයි... එත් මේක reality show එකක් නෙවේ. එක එහෙම වුනත් මේ මිනිස්සු අපිට ගල් ගහලා මරයි. සියවසෙ 21 වුනාට මේ මිනිස්සු තාම 61 දශකේ මුලම ගල් යුගේට යන ගමන් ඉන්න හැතිකරයක්...
YOU ARE READING
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....