💙06🖤

1.4K 181 13
                                    

"සර්..." කට වහන් ඉදලා වැඩක් වෙන්නෙ නෑ
"ම්ම්.හ්හ්..ම්ම් ටිශේන් මේ... මෙතන ඇහුන දේ... කාටවත් කියන්න එපා... චා... චාරුක.."
"වැරැද්ද මගෙ අතේ තියන් ඇයි සර් මම කාටවත් කියන්නෙ..." ගොත ගගහා සර් චාරුකව ආරක්ෂා කරන්න හදන්නෙ ඇත්තමයි චාරුක මොන මායමක්ද මිනිස්සුන්ට දාන්නෙ... එයාගෙ පැත්තට තියාගන්න මෙහෙම.
"මොකක්ද?" ඒ පාර ඩොක්ට ඇහුවා

"මම... මම තමයි චාරුක බීපු වතුර එකට වොඩ්කා කලවම් කරේ.. මට ඕනෙ වුනේ පලිගන්න..." ඇත්ත ඇති සැටියෙන් කිව්වා.

"මොකක්... පලිගන්න නම් කරේ ඇයි දැන් පලිය ගන්නකල් හිටියෙ නැත්තෙ. ඔයාට ඕනෙ විදියට ඒ ලමයා විනය කමිටුවට දාලා තියෙන බැජ් ටිකත් ගලවන්න මේක හේතුවක් වෙන්න තිබ්බා..." ඩොක්ට එක දිගට කියාගෙන යනවා..

"පොඩ්ඩක් ඉන්න මිත්රු තමුන් මොකක් කරා කියලද හිතන් ඉන්නෙ..."
"සොරි සර්..."
"යකෝ ඒ අපේ රටේ Air marshal ගෙ පුතා..." මුලු කනම කීන් ගාන සද්දයක් එක පාරටම ඇහුනා. මොකක්ද කියන්නෙ දෙයියනෙ ඒ කාර් එක සුලු පටු නෑ... එහෙම කොල්ලෙක් කොහොමද අරම....

ඔලුවම රිදෙන්න ගත්තා මම මොකක්ද මේ කරගත්තේ කියලා බලන් යද්දී අපේ තාත්තා එදා අරම කේන්ති ගත්ත එක, කවදාවත් නැතුව අලුත් කොල්ලෙක් hp කරපු එක ඔව් ඒවා සාමාන්‍ය වෙන්නෙ නෑ...

"චාරුක මේක දන්නවද?" කෝච් ඇහුවා.
"ම්..ම්..ම්.. ඔ.. ඔ...ඔව්...."
"එයා දන්නවා නම් වෙන කරන්න දෙයක් නෑ... එයා මේක එළියට දැන්මොත් මිත්රු මට ඔයාව බේරන්න බැරි වෙනවා."
"කමක් නෑ කෝච්. කොහොමද චාරුක අයියට." මොනවා වුනත් දැන් පරක්කු වැඩි.
"එයාට හුරු නැති මත් ගතිය නිසා එයා ඉන්නෙ මානසික පීඩනේකින්. අනික තමයි එයාගෙ ශරීරේ මහන්සි වෙලා වැඩි ඊයෙ ඉදන්. ඔයාලා එයාට දරාගන්න බැරි වෙන්නම පොවලා." දෙයියනෙ මට මෙහෙම දෙයක් නෙවේ ඕනේ වුනේ. මම ජිවිතේට මෙහෙම දෙයක් වෙයි වෙන්න කියලා මේවා කරේ නෑ...

ඩොක්ට බෙහෙත් දීලා අයියගෙ කකුල් මසාජ් කරන විදිය මට කියලා දීලා ගියා. මම මසාජ් එක දෙනකොට එයාගෙ මූණේ තිබ්බේ මට දරාගන්න පුලුවන් වේදනවාක් නෙවේ. ඇස් වලින් කදුලු පිරුනත් එයා එළියට දැන්මේ නෑ... මට තේරෙන් නෑ ඇයි මේවා මෙහෙම වුනේ කියලා..

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Onde histórias criam vida. Descubra agora