ෆිලිම් එකත් බලලා ඩිනර් එකත් එළියෙන්ම කෑවා. කටට සැරට කන්න හම්බුන එක නම් ලොකු පිනක්. මේ වදකබාරේ වතුර වගෙ කෑම දෙනවා බඩට සැර හොද නෑ කියලා. බලන් යද්දී චාරුක වයිෆ් ගෙ ජොබ් එක නම් හරියටම කරනවා...
"ආහ් කපල් එක... දැන්ද ගෙදර එන්නෙ ආ...." ගෙට ගොඩ වෙන්න වුනේ නෑ තරියා කියවනවා. හැබැයි මිනිහා සිරියස් වගෙ.
"ඔව් ඔව්... නැතුව බෑනේ ලව් කරන්නත් ටයිම් එකක් ඕනේනෙ..." මම එහෙම කියලා චාරුක අයියගෙ බෙල්ලට කිස් එකක් දුන්නා.
"අපෝ... කාමරේට යන්න... මෙතන ඕවා බෑ..." කේශර හිනාවෙවී කියද්දී චාරුක අයියාට ආයෙ පන ආවා.
"මගෙ එවා කිස් කරන්න මට කාමරම ඕනේ නෑනේ..." චාරුකත් ඇරියෙ නෑ මගෙ තොල්ම කිස් කරා.
"පොඩි තමුසෙලා දෙන්නා මොනවා කරනවා කියලාද හිතන් ඉන්නෙ..." විශ්ව අයියා කවදාවත් නැතුව හරි කේන්තියෙන් එළියට ආවේ... කට්ටියම බය වෙලා වගෙ ඉද්දී මමත් හිටියෙ මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.
"විශු අයියා... මොකද මේ..."
"තමුසේ මාත් එක්ක ජෝක් කරනවද. මිස්ට චාරුක කවුද පර්මිෂන් දුන්නෙ මෙයාව එක්ක යන්න. මම කටවහන් ඉන්න නිසා මෙතන මගුල් නටන්න ලෑස්ති වෙන්න එපා දෙන්නම..."
"චාරුගෙ වැරැද්දක් නෙවේ අයියෙ. මමයි එයාට කිව්වේ එක්ක යන්න කියලා ඇදුමක්වත් නැති නිසා හරියට..."
"කට වහනවා මම ඇහුවේ ඌගෙන්..." විශ්ව අයියගෙ භාෂාව ටිකෙන් ටික සැර වෙනවා. චාරුක අයියා ඊට වඩා මූණ ඇඹුල් කරගෙන. මම ආසම නෑ ඒ මූණ එහෙම දකින්න."එයාට බනින්න එපා අයියෙ..." මගෙ ඇස් රිදෙන්න ගත්තා ඇත්තටම චාරුක අයියාට මම ආදරේයි එත් විශ්ව අයියාට බනින්න වත් මුකුත් වචනයක් කියන්න බැරි නිසාත් මම හරි අසරණයි. මම ගිහින් විශ්ව අයියව බදාගත්තෙ ඒක දැන් තියෙන එකම විසදුම නිසා... ඒ වගෙ දේකින් එයාව කූල් කරන්න හරි ලේසි නිසා.
"ඔයා මට කියලා යන්න ඕනේ නැද්ද පොඩි... මම බය වෙනවා කියලා ගානක්වත් ඔයාට නෑ..." විශ්ව අයියා තවත් තදින් මාව බදාගෙන අයින් වෙලා යන්න ගියා. මම හිතුවට චාරුක අයියා අප්සෙට් යයි කියලා එක නෙවේ වුනේ. එත් මට තේරුන දේ නම් අයියා නෝර්මලි පෙන්නන්න ගොඩාක් ට්‍රයි කරා කියලා
YOU ARE READING
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....