කාමරේන් වෙනදාට වඩා පරිස්සමින් ආව එක තරිදුට ලොකු ප්‍රශ්නයක් වුනා... ඔව් ඌ මාව දන්නවා.
"ෂර්ට් එක උස්ස ගනින්..." තරිදු කියද්දී මම ඇයි කියලා අහන්න මූණ බැලුවා
"කිව්වාම කරගනින්.." ඌම කමිසෙ උස්සලා ගසලා දැන්මා. මටම පුදුමයි ඒ ඇයි කියලා. අපි සෙට් එක ඉන්න තැනට එද්දී කට්ටියම කෑ ගහනවා
"ඕයි මේක මළ ගෙයක්... සංවර වෙයන්.." තරිදු කසුනට කිව්වේ රවන ගමන්.. අනේ මන්දා මූගෙ මූණ අද ගොඩක් වෙනස් වෙලා.
"මිතු මේ අමාට වොශ් රූම් යන්න ඕනෙලු. උඹේ කාමරේ වොශ් රූම් එකට එක්ක පලායන්..." කසුනා කියද්දී මගෙ මූණ හොල්මනක් දැක්ක ෂැගී ගෙ මූණ වගෙ වුනා."ඇයි බං පහල ඒවා.."
"එවාගෙ උඹලගෙ නෑයෝ පිරිලා... බලපන් නානවා නානවා හෙට වතුර කපනවා කියලා හිතලා වගෙ..." මට රිජෙක්ට් කරන්න බැරි ගොඩාක් හේතු හැදෙද්දී මම දැක්කා චාරුක අයියා නංගි එක්ක කතා කර කර ඉන්නවා. ඒ කියන්නෙ බය වෙන්න ඕනේ නෑ කියලා...."යමු අමා. මම එක්ක යන්නම්... තව කෙල්ලෙක් එක්ක එන්න..."
"එකිට තනිකන්දෝසේ නෑ උඹ එක්ක පලයන්.." කසුනා හැම ලබ්බටම පනිනවා හු&*#"යමු අමා එහෙනම්..." අමා මගෙ ගාවින්ම එනකොට මම දැක්කෙ එයා මට වඩා කොටයි. ඇත්තටම මම චාරුකට ආදරේ නොකරා නම් මට මෙහෙම කෙල්ලෙක් මරු...
"මේ තියෙන්නෙ මගෙ කාමරේ" කාමරේ ඇතුලට ගිහින් වොශ් රූම් එක පෙන්නලා මම ඇදේ ඉදගෙන හිටියා. තිබ්බ මහන්සියට නින්ද ගියා. විනාඩි ගානකින් බැල්කනියෙන් සීතලක් ඇගෙ වදිද්දී මම නැගිට්ටාම දැක්කෙ අමා බැල්කනියට වෙලා ඉන්නවා.
ගැහැණිය කියන්නෙ ලෝකෙ ලස්සන කරන්න ලෝකෙ පැවැත්ම ගෙනියන්න නිර්මාණය වුන හරි අපූරු දෙයක්. පිරිමියෙක්ට බැරි ලමයෙක් වදන එක මහා ලොකු ශක්තියක් දාරාගෙන එයාලා ලමයි වදලා උස්මහත් කරනවා. මට බැල්කනියෙ හිටිය අමාගෙ රූපේ හරි ලස්සනට රසවින්දා... මට මගෙ අම්මාව මතක් වුනා.. උපේ අම්මාව මතක් වුනා.. ඇත්තටම මගෙ හැගීම ගැන සැකයක් ආවා..
නාරිලතා දේහයක්, රණ තිසර යුවලක්..පුලුලු කුල, දිගු වරල ඇත්තටම ගැහැණිය කියන්නෙ රනින් ඔප දාපු රන් පිළිරූවක්. එත් කියන්න දුකයි ඒ රූපේට වඩා මගෙ හිත ගියෙ මගෙ සංසාර ගත ආත්මසහකරුවාට වෙන්න ඇති... ඒක මගෙ වරදක්ද?
![](https://img.wattpad.com/cover/305332576-288-k893956.jpg)
ESTÁS LEYENDO
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....