"මෙතනින් ඉදගන්න..." නොදන්න කෙනෙක්ට කියනවා වගෙ මිතු මට පුටුවක් පෙන්නුවා. කවුරුත් කතා නෑ.
"ඉතින් මට කියනවද මීනි වලෙන් මිනිස්සු නැගිටින්නේ කොහොමද කියලා මේක ඉන්දියන් ඩ්‍රාමා එකක් වෙන්න බෑනේ..."
"පිංසිද්ද වෙයි චාරුක ඔය මී හරක් කටවහ ගන්නවද?" සැරට ඇහුන තරිදුගෙ කට හඩ දිහා මම හැරිලා කියවන්න කට අරිද්දිම මිතු ඉස්සර වුනා.
"මුලින්ම මම හිතනවා තාත්තාලා දෙන්නා ප්‍රශ්නෙ විසදගන්න ඕනේ කියලා..." මිතු කියද්දී අපේ තාත්තායි කපිල මාමයි කට වහන් හිටියෙ. මම දන්නවා හේතුව අම්මා.
"ඇන්ටි කමක් නෑ නේද?" මිතු ඇන්ටි කියපු ගමන් අකුණක් ගහනවා වගෙ අම්මා එයා දිහා බලලා විනාඩියකට පස්සෙ ඔලුව වැනුවා
"මම තාත්තාට පොරොන්දු වුනා මෙයාව බදිනවා කියලා මොකද එයා කිව්වා කපිලව මරනවා කියලා. එයාට එක බැරි කමක් නෑ.. ඉතින් මම හැදුවේ රටින් පනින්න වැඩ ලෑස්ති කරගන්නකල් රගපාන්න... එත් කපිල මට ද්‍රෝහි වුනා එදා මෙයා එක්ක කාර් එකෙන් බහිනවා දැකලා විතරක්"
"නෑ... බොරුවක් මිතු මෙයා බැන්දා ඒ නිසයි මම බිව්වේ ඊට පස්සෙ ඊට පස්සෙ..."
"මම බැන්දේ නෑ නිහාල්ට මම කිව්වා විස්තරේ කියන්න කියලා..."
"එයා කිව්වේ ඔයා බැන්දා කියලා මිස්ට සෙනරත්." කපිල මාමගෙ හඩ තිව්ර වුනා."මම කියන්නම් නිහාල් අන්කල් කරපු දේ මුල ඉදන් අගටම. නිහාල් අන්කල් කරේ සෙනරත් මාමාව මේ සම්බන්දේ ගැන කියලා තර්ජනයෙ කරපු එක.එයා එක කරේ අයියගෙ සීයගෙ කීමට. මොකද නිහාල් අන්කල්ට සල්ලි දුන්නෙ සෙෆ්ටි එක දුන්නෙ ඔයාලාගෙ සීයා. මොකද එයා ඒ කාලෙ ඉදන් කුඩු වලට ඇබ්බැහි වෙලා හිටියෙ. පස්සෙ එවා පොඩි කොල්ලො අතරේ මාකට් කරා. එයා වෙනම බිස්නස් එකක් කරන් යද්දී ලෝ කෝලෙජ් ගියෙත් ඒ සල්ලි වලින්. පස්සෙ අපෙ අම්මාව එදා තාත්තා එක්ක ඒ හෝටෙල් එකට ගෙනාවේ එයාමයි. පස්සෙ එයා අම්මාවත් මත් කරලා වැරැද්දට පෙලබුවා... නැතුව මගෙ අම්මා හැමෝම රවට්ටලා හිටපු වේ*# නෙවේ... අනික සෙනරත් අන්කල් හැමදේටම කට වහන් හිටියා වගෙම ටනායාව බදින්නත් බල කරේ එයා සමලිංගික කියන දේ ලෝකෙට නිහාල් අන්කල් කියනවා කියන තර්ජනයෙ නිසා." එක දිගට එක කියන් යද්දී එකගෙ හඩ කැඩුනා. මම එයාගෙ අම්මාට කියපු දේ හිතේ තියන් ඉන්නවා එයා තාම... අනික් මිතු ගිහින් අරූගෙ පිටට ගගහා සනසනවා.. මට ඕනේ නෑ එයා ජිවත් වුනේ කොහොමද කියලාවත් අහන්න. මම යනවා. එත් තාත්තා මගෙ අත අල්ලගෙන.
ESTÁS LEYENDO
💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈
Romanceඅහස දෙදෙරා වැහි වැටෙද්දෙන් පොලව දෙදෙරා ගිනි පිබිද්දෙන් මලක් නටුවෙන් ගිලිහුනාදෙන් නුබ මගෙන් වෙන් නොවෙනතෙක් මට නුඹ පමණක් වේ නම් ඒ ඇති අසම්මතේ ගොළු වුන හිතම රැකගත් ප්‍රේමය නුඹ නමට ලියවූවේම හුරුපුරුදු ආගන්තුක ලෙන්ගතු කමටමයි.....