Chapter 7

2.9K 177 2
                                    

කෑම කන ගමන් ඉදපු ජෙනීට දැනුනෙ ජෙනීගෙ කකුලෙ මොකෙක් හරි යනවා වාගේ.. ජෙනී ඔලුව පහත් කරලා බලද්දි දැක්කෙ පූසෙක්ව..

"ඈහ්හ්හ්හ් ඔම්මා.."

ජෙනී ඇස් දෙකත් පියාගෙන කකුල් දෙක උඩට අරගෙන කෑ ගහන්න ගත්තා.. ජීමින් පුදුම උනේ ජෙනීගෙ හැසිරීමට..

"අනේ ඔප්පා.. මූව ගන්නකෝ.. මං පූසන්ට බයයි.."

ජෙනී පුටු කකුලෙ මූණ අතුල්ල අතුල්ල ඉන්න පූසා දිහා බල කෑ ගහන විදියට ජීමින් හිනාව තද කරගෙන ඉදියෙ බොහොම අමාරුවෙන්.. ජීමින් පුටුවෙන් නැගිටලා පූසව අරගෙන ගිහින් කාමරේකට දාලා වැහුවෙ ජෙනී බයෙන් ඒ දිහා බලාගෙන ඉද්දි.. ජෙනීගෙ කම්මුල් රෝස පාට වෙලා තිබුනෙ වෙච්ච දේට..

"ඔයා ඇයි පූසොන්ට බය??"

"අනේ මංදා මං බයයි.."

"දැන් හරිනෙ දැන් කන්නකෝ"

ජීමින් කියද්දි ජෙනී කෑම කන්න පටන් ගත්තා.. ජීමින් කාලා ඉවර වෙද්දිම වගේ ජෙනීත් කාලා ඉවර උනා.. ලීසා ඇවිත් මේසෙ අස් කරලා ජීමින් දිහා බැලුවා..

"ලීසා අද යනවා නේද??"

"ඔව් සර්.."

"හරි ලීසා අස් පස් කරලා යන්න.."

එතකොටයි ජෙනීට මතක් උනේ ලීසා ගෙදර යන බව.. ජීමින් ලීසට මේසෙ අස් කරගන්න දීලා නැගිටිද්දි ජෙනීත් නැගිටලා කාමරේට යන්න ජීමින්ගෙ පිටිපස්සෙන් පියමැන්නා..

පඩිපෙළ නැගලා ලිවින් රූම් එකට ගියපු ජීමින් ජෙනීගෙ පැත්ත හැරුනෙ ජෙනී ගැස්සිලා යද්දි.. ජීමින් ජෙනී දිහා බලද්දිත් ජෙනීගෙ හාට් බීට් එක වැඩි වෙන්නෙ අමුතුවට..

"හෙට ලෙක්චර්ස් නෑනෙ?? හත වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ගමනක් යන්න.."

"හරි මාස්ටර්.. මං අදින්න ඕන??"

"කැමති එකක්.."

කියපු ජීමින් රූම් එකට ගිහින් දොර වහගත්තා.. ජෙනීත් රූම් එකට ගියේ ජීමින්ගෙ රූම් එක දිහා එක පාරක් බලලා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පාන්දරම නැගිට්ට ජෙනී වොශ් එකක් දාගෙන
ක්ලෝසෙට් එක ළඟට ගියේ ඇදුමක් තෝර ගන්න.. ටිකක් වෙලා ඇදුම් තෝර තෝර බලපු කෙල්ලගෙ ඇස් නතර උනේ කහපාට පසුබිමේ රතුපාට මල් වැටුන හීනි උරපටි ගවුමක් ළඟ.. කෙල්ල ඒකත් අතට අරගෙන මිරර් ටේබල් එක ළඟට ගිහින් හිට ගත්තා.. ඇදුම ඇගට තියලා හැඩ බලපු කෙල්ල ඒක අදින්න තීරණය කරා..

Random (21+) PJMWhere stories live. Discover now