Chapter 14

2.4K 161 20
                                    

ජීමින් කිව්ව දේ අහලා කෙල්ල එතනම නතර උනා..

"හෙට ගෙදර යමු.."

ජෙනී හැරිලා ජීමින් දිහා බැලුවා..

"ගෙදර??"

"ඔව් මට ඔයාගෙ අම්මා තාත්තා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.. දැන් යන්න ගිහින් වොශ් එකක් දා ගන්න.."

ජීමින් කියද්දි කෙල්ල තොල නොපිට පෙරලලා රූම් එකට ගියා..

.
.
.
.
.
.

පාන්දර නැගිටපු ජෙනී තමන්ගෙ බද වටේ එතිලා තිබුන ජීමින්ගෙ අත පැත්තකට කරලා නැගිටලා වොශ් එකක් දාගෙන කිචන් එකට ගියේ කෑම ලෑස්ති කරන්න.. ලීසා එන්නෙ නැති නිසා කෙල්ල තමයි උදේටත් කෑම ලෑස්ති කරන්නෙ..

උයලා ඉවර වෙද්දිම වගේ ජීමින් ආව නිසා කාලා බීලා දෙන්නත් එක්කම ලෑස්ති උනේ කෙල්ලගෙ ගෙදර යන්න.. ජෙනීගෙ හදවත අමුතු රිද්මයකින් ගැහෙන්නෙ කාලෙකින් ගෙදර යන නිසාද ජීමින් ගෙදර අය එක්ක කතා කරන්න ඕන කිව්ව නිසාද කියලා කෙල්ල දැනගෙන ඉදියෙ නෑ..

.
.
.
.
.
.

කෙල්ලගෙ ගෙදර ඉස්සරහා වාහන හතරක් නතර කරා.. ජීමින්ගෙ බොඩි ගාඩ්ස්ලා වටේටම විසිරෙද්දි ජීමින් ජෙනී නම්ජුන් තුන්දෙනා කෙල්ලගෙ ගෙදර දොර ගාවට ලං උනා.. කලබල වෙලා ඉන්න ජෙනීගෙ අතින් අල්ල ගත්ත ජීමින් කෙල්ලව ඇදගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දා ගත්තෙ තමන්ගෙ ගෙදර වගේ.. ගෙදර මිනිස්සු ඔක්කොම පුදුමෙන් බලාගෙන ඉදියෙ ජීමින්ගෙ හැසිරීම දිහා..

"ජෙනී.. මොකක්ද මෙතන වෙන්නෙ??"

මිස්ටර් ලී ජන්ග්.. ජෙනීගෙ තාත්තා ජෙනී දිහා බලලා ගිගුරුවා..

"සර් මෙහේ??"

පහළ තට්ටුවෙන් ඇහුන කලබලේ නිසා රූම් එකෙන් එළියට ආව ජෙනීගෙ ලොකුම අක්කා ජීමින් දැකලා කියද්දි ජීමින් කට කොනකින් හිනා උනා..

"අම්මා මේ මගේ බොස් මිස්ටර් පාක්... බොන්න මොනවා හරි හදන්නකෝ.."

"එපා.. මං ආවෙ සතුටු සාමීචියකට නෙවෙයි.. වැදගත් කාරණාවකට.."

"කියන්න මිස්ටර් පාක්.."

ජෙනීගෙ අක්කා කියද්දි ජීමින් නම්ජූන්ගෙ පැත්ත බැලුවා.. නම්ජූන් ජීමින්ගෙ ලෝයර්.. නම්ජූන් බෑග් එකෙන් ෆයිල් එකක් අරගත්තා..

Random (21+) PJMWhere stories live. Discover now