Chapter 12

4.6K 205 12
                                        

දවස් කීපයක්ම ජීමින් බිසී වෙලා ඉදපු නිසා ජෙනී ජීමින්ට කරදර නොකරම ගෙදර වැඩත් කරන ගමන් ජෙනීගෙ වැඩත් පාඩුවෙ කරගත්තා..

කෙල්ල කිචන් එකට වෙලා රෑට කෑම ලෑස්ති කර කර ඉද්දි කෙල්ලගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ නාදුනන නම්බර් එකකින්..

"හෙලෝ.."

"ජෙනී.."

කෙල්ලට ඇහුනෙ හුරුපුරුදු කටහඩක්..

"ජී ජිවොන්.."

ජෙනී මිමිනුවෙ රහසින්..

"යෙස් බේබී ජීවොන්.. ඔයා මගේ නම්බර් එක බ්ලොක් කරාද?? මට ඔයාව කන්ටැක්ට් කරගන්න විදියක් නැතුව පිස්සුවෙන් වගේ ඉදියෙ.. මං කොරියාවට ආව ගමන් ඔයාගෙ ගෙදරට ආවෙ.. ඒත් ඔයා එහේ ඉදපු පාටක් නම් නෑ.. කොහෙද ඔයා??"

"ජිවොන් මං ගැන හොයන්නෙපා මං තියනවා.."

"ඔයා සෝල් වලට නෙවෙයිද ඉන්නෙ??" ජීවොන් අහද්දි ජෙනී ඇස් තද කරලා පියා ගත්තා..

"න් නෑ නෑ.. මං සෝල් වල නෙවෙයි ඉන්නෙ.."

"ඕකේ සෝල් ආවම කතා කරමු.. කොහොමත් කැම්පස් එකට එන්න ඕනනෙ.. මගේ නම්බර් එක අන්බ්ලොක් කරනවා.. මේ දැන්ම"

ජීවොන් කියලා කෝල් එක කට් කරද්දි ජෙනී ෆෝන් එක දිහා ඔහේ බලාගෙන ඉදියා.. කෙල්ල ජීවොන්ගෙ නම්බර් එක අන්බ්ලොක් කරලා ලොකු සුසුමක් හෙලලා කර කර ඉදපු වැඩේට අවධානය යොමු කරා..

ජෙනී කෑම මේසෙන් කෑම ටික තියලා වොශ් එකක් දාගෙන ඇවිත් ලිවින් රූම් එකට ගියේ ජීමින්ව හොයන්න..

"කමු.."

ජීමින්ගෙ ඔලුව උඩින් එක අතක් තියපු කෙල්ල කියද්දි ජීමින් කෙල්ලගෙ අත අල්ලගෙන මෘදු හාදුවක් පිටි අල්ලෙ සටහන් කරලා නැගිට්ටෙ කන්න යන්න.. ජෙනීගෙ මූණට හිනාවක් ආවෙ ජීමින්ගෙ වැඩ වලට..

කෙල්ල ජීමින්ට කෑම බෙදලා දීලා ජීමින්ගෙ ඉස්සරහ පුටුවෙන් වාඩි උනේ කන්න.. ටික වෙලාවකින් කෙල්ලට දැනුනෙ ජීමින්ගෙ කකුල කෙල්ලගෙ කකුල දිගේ උඩට පහළට යනවා.. ජෙනී තොල් දෙක තද කරගත්තා.. ජීමින්ගෙ කකුලෙ ඇගිලි කෙල්ලගෙ දණහිසේ ගෑවෙද්දි කෙල්ල ජීමින් දිහා බැලුවා.. ඒත් කොල්ලා නම් මොකුත් නොවුන ගානට කනවා.. කෙල්ලට දැනුනෙ ජීමින්ගෙ කකුල තවත් උඩට යනබව..

Random (21+) PJMWhere stories live. Discover now