Chapter 15

2.3K 153 12
                                    

ජීමින් ගිහින් දවස් තුනක් ගත වෙලා.. කෙල්ලට මේ දවස් තුන නිකන් අවුරුද්දක් වගෙයි දැනුනෙ.. කම්පැණි එකටම වෙලා කාලය ගත කරන්න කෙල්ල පුරුදු උනේ ජීමින් නැති පාලුව මකා ගන්න.. කොල්ලා ඉද හිට කෙල්ලට මැසේජ් එකක් දාන්නත් රෑට කෝල් එකක් ගන්න අමතක නොකරත් කෙල්ලට දැනුනෙ දරාගන්න අමාරු තනිකමක්..

සතියක් ගත උනත් ජීමින් එන්න තවත් දින කීපයක් ගත වෙයි කියලා කෙල්ලට කියද්දි කෙල්ලගෙ ඇස් දෙකේ කදුළු පිරුනා..

"ආහ්හ්හ්හ් ජිමින්ශී.. ඔයා කවදද එන්නෙ??"

රෙඩ් රූම් එකේ වටේ ඇවිදින ගමන් කෙල්ල තමන්ටම මුමුණගත්ත අවස්තා ගනන් කරන්න බැරි තරම්..

ඒ අතරෙ කෙල්ලට යුමීගෙන් කෝල් එකක් ආවෙ කැම්පස් එකේ යාලුවො එකතු වෙලා තියන පාටි එකක් ගැන කියන්න.. කෙල්ලට යන්න කම්මැලි හිතුනත් ජීමින්ගෙන් ඇහුවම යන්න එපා නොකිව්ව නිසා කෙල්ල පාටි එකට යන්න තීරණය කරා.. ඒක මේ ලොකු පාටි එකක් නෙවෙයි නිකන් පොඩි ඩිනර් එකක් වගේ.. යුමීගෙ ගෙදර අයට අයිති පොඩි රෙස්ටූරන්ට් එකක් එයාලා වෙනුවෙන් වෙන් වෙලා තිබුනා..

කෙල්ල යද්දිත් යුමී, සෝවුල් සහ තව කීප දෙනෙක්ම එතනට ඇවිත් තිබුනා.. කෙල්ල අයිනකින් වාඩි වෙලා සොෆ්ට් ඩ්‍රින්ක් එකක් තොල ගාන්න ගත්තා.. ටික වෙලාවකින් එතනට ආව ජේක් කෙල්ලට හායි කිව්වෙ කෙල්ලගෙ කොණ්ඩෙ චුට්ටක් අවුස්සලා..

"හායි ජේක්.."

"ඔයා ඇවිත් ගොඩක් වෙලාද??"

"ආ නැහැ.. වැඩි වෙලාවක් නෑ.."

ආගිය තොරතුරු කතා කර කර ඉද්දි පාටි එක පටන් ගත්තා.. ඩිනර් එකෙන් පස්සෙ කට්ටියම රවුමට වාඩි වෙලා සෝජු බොන්න පටන් ගත්තා..

"අපි ගේම් එකක් ප්ලේ කරමු.."

යුමී කියද්දි හැමෝම ඒකට එකඟ උනා.. ගේම්ස් දෙක තුනක් ප්ලේ කරලා ඉවර වෙද්දි යුමී කොළ කෑලි පුරවපු බාජනයක් අරන් ඇවිත් මැදින් තිබ්බා..

"මේකෙ එකක් තෝරගෙන ඒක කරන්නයි තියෙන්නෙ.. බැරි උනොත් ඔයා හංගන ලොකුම රහස කියන්න වෙනවා.."

යුමී කියද්දි හැමෝම ඒකට එකඟ උනා.. මුලින්ම සෝවුල්ට අවස්තාව ලැබුනා.. ඒ සිංදුවක් කියන්න.. තවත් කිප දෙනෙක්ගෙන් පස්සෙ ආවෙ ජෙනීගෙ අවස්තාව.. ජෙනී කොළයක් අරන් දිගෑරියා.. කෙල්ලගෙ මුළු මූණම රතු වෙලා යන්න වැඩි වෙලාවක් ගත උන්නෑ..

Random (21+) PJMWhere stories live. Discover now