Chapter 3

2.9K 176 0
                                    

ජෙනී ගැස්සුනේ ජීමින් ජෙනීගෙ අතට ෆයිල් එක දීපු නිසා.. ජෙනී ඒක දිගෑරලා බලන්න හදද්දි ජීමින් අත් උස්සලා ජෙනීව නැවැත්තුවා..

"ඔයාට තවදුරටත් ජීවොන් ගැන හිත හිත ඉන්න හිතනවා නම් ඔය ෆයිල් එක දිගාරින්නෙපා.."

"නෑ මට ඕන කොහොම හරි එයාව අමතක කරන්න.. මං එයාට එකපාරකුත් සමාව දුන්නා.. ඒත් ආපහු එයා මට බොරු කරා.. මට තවත් එයාට රැවටෙන්න ඕන නෑ.. මං ඔයා කියන ඕන දෙයක් කරන්නම්.. ඔයා ළඟ මගේ ෆොටෝ තිබුනත් නැතත්.. ප්ලීස් මට එයාව අමතක කරන්න උදව් කරන්න.." ජෙනී කිව්වෙ ආයත් ඇස් වල කදුළු පිරෙද්දි.. ජීමින් ජෙනීගෙ ළඟට ඇවිත් ජෙනීගෙ ඇස් වල කදුළු පිහිදැම්මා..

"අඩන්නෙපා ඩෝල්.. කදුළු ඔයාගෙ ඇස් වලට ගැලපෙන්නෙ නෑ.."

ජෙනී ඇස් දෙක පිහිදගෙන ජීමින් දිහා බැලුවා..

"ඕක ගෙදර ගෙනිහින් හොදට කියවන්න බේබිඩෝල්.. නොතේරෙන තැන් තියෙනවා නම්  හොයන්න.. හොයාගන්න බැරි නම් අහන්න.. ඔයා අකමැති නම් මං ඔයාගෙ ෆොටෝ නිසා ඔයාව මගේ ළඟ තියාගන්නෙ නෑ.. අද රෑ දොළහා වෙද්දි මට මැසේජ් එකක් දාන්න කැමති හෝ අකමැති බව කියලා.."

ජෙනී ඔලුව වැනුවෙ බිම බලාගෙන..

"හරි දැන් යමු මං ඔයාව ගෙදරට දාන්නම්.." ජීමින් කාර් එකේ කී එක අතට අරගෙන ජෙනීට කිව්වා.. ජෙනී පුටුවෙන් නැගිටලා බෑග් එකත් අරගෙන ජීමින්ගෙ පිටිපස්සෙන් රූම් එකෙන් එලියට ගියත් ජෙනී ඇවිදින්නෙ අමාරුවෙන් බව ජීමින්ට තේරුනා..

ජීමින් ජෙනී ගාවට ඇවිත් ජෙනීව බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට උස්සගද්දි ජෙනී ඇස් දෙකත් ලොකු කරගෙන ජීමින් දිහා බලාගෙන ඉදියා.. ජීමින් කොරිඩෝ එක දිගේ ගිහින් වෙන ලිෆ්ට් එකකට ඇතුල් උනා.. ජීමින්ගෙ පිටිපස්සෙන් ආව ගාඩ්ලා දෙන්නෙක් ලිෆ්ට් එකට ඇතුල් වුණා.. ඒ ලිෆ්ට් එක විවෘත උනේ කාර් පාක් එකට.. ජෙනීවත් උස්සගෙන ගිහින් කාර් එකෙන් වාඩි කරපු ජීමින් කාර් එකට නැගලා ජෙනීගෙ ගෙදරට ආවා..

ජෙනීව උස්සගෙන දොර ගාවට ගියපු ජීමින් ජෙනීව බිමින් තිබ්බා... ජෙනී දොර ඇරලා ජීමින්ට ඇතුලට එන්න කිව්වා..

Random (21+) PJMWhere stories live. Discover now