chapter 13

2.3K 152 15
                                    

උදේ නැගිටපු කෙල්ල ඇදෙන් බැස්සෙ ටිකක් අමාරුවෙන්.. කෙල්ල වොශ් එකක් දාගෙන රූම් එකට එද්දි ජීමින් ඇතුලට ආවෙ ටී එකත් අරගෙන.. කෙල්ලගෙ අතට ටී එක දීලා පෙක් එකක් දීපු ජීමින් එයාගෙ රූම් එකට ගියේ මොකුත් නොකියා..

ටික වෙලාවකින් ජීමින් ආයෙමත් ජෙනී ඉදපු රූම් එකට ආවෙ උදේට කන්න යමු කියාගෙන.. ජෙනීට වචනයක්වත් කියන්න නොදී කෙල්ලව උස්සලා ගත්ත ජීමින් නැවතුනේ කෙල්ලව සෝෆා එකෙනුත් තියලයි.. ඊටත් පස්සෙ කෑම බෙදාගෙන ආව ජීමින් කෙල්ලට කවන්න ගත්තෙ මොකුත් නොකියා.. කෙල්ලට නම් ජීමින්ගෙ නිහඬ බව ලොකු ගැටළුවක් වෙලයි තිබ්බෙ.. කෑම කවලා භාජන සෝදලා දාපු ජීමින් කෙල්ලගෙ ළගින් වාඩි උනා..

"ජෙනී.. ඔයාට මේ මාස ගාණ ඇතුලත මගෙන් අඩු පාඩුවක් වෙලා තියෙනවද??"

ජීමින් එක පාරම අහද්දි ජෙනී ගැස්සිලා ගියා..

"නෑ... එහෙම නෑ.."

"ඔයාට මාත් එක්ක ඉන්න අකමැත්තක් අපහසුවක් තියෙනවද??"

"නෑ"

"ඔයාට මේ කන්ට්‍රැක්ට් එක ඉවර කරන්න ඕනද??"

ජීමින් අහද්දි ජෙනී එක පාරටම සෝෆා එකෙන් නැගිට්ටා.. කෙල්ලගෙ ඇස් දෙකට කදුලු පිරුණා.. කෙල්ලට හිතුනෙ ජීමින්ට කෙල්ලව අතාරින්න ඕන වෙලා කියලයි.. ඔලුව දෙපැත්‍තට වනලා නෑ කියලා අගවපු කෙල්ල ඇගේ අමාරුව ගැනවත් නොහිතා ජීමින් කතා කරන්නත් කලින් එතනින් දුවලා රූම් එකට ගිහින් දොර වහ ගත්තෙ කදුළු පිහිදමින්..

ඇද උඩට වෙලා අඩ අඩ ඉදපු කෙල්ලට එහෙමම නින්ද ගියා.. ජීමින් එයාගෙ රූම් එකෙන් ජෙනීගෙ රූම් එකට එන දොරෙන් ඔලුව දාලා කෙල්ල නිදිද බැලුවා.. ඊට පස්සෙ හෙමිහිට කෙල්ලගෙ ෆෝන් එක අරගෙන එහෙට මෙහෙට කරලා ෆෝන් එක ආයෙමත් තිබ්බ තැනින් තිබ්බා.. කෙල්ලගෙ ළඟින් හාන්සි උන ජීමින් කෙල්ලවත් තුරුල් කරගෙන නින්දට වැටුනෙ වැඩ සේරම අමතක කරලා දාලා..

.
.
.
.
.
.
.

ජෙනී නැගිටිද්දි ජෙනීට දැනුනෙ පුරුදු උණුහුමක්.. කෙල්ල හෙමිහිට හැරිලා ජීමින් දිහා බැලුවා.. කෙල්ලගෙ ඇස් දෙකට ආයෙමත් කදුළු පිරුනා.. ඒත් එක්කම ජීමින් ඇස් ඇරලා ජෙනී දිහා බලලා කෙල්ලව ඇදේ පෙරළගෙන කෙල්ලගෙ ඇග උඩට ආවා.. කෙල්ලගෙ රෝස පාට තොල් දිහා බලපු ජීමින් තොල් වලට බර උනේ නොඉවසිල්ලකින්..

Random (21+) PJMWhere stories live. Discover now