¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
______________________________________ලැබීම් නොලැබීම් එක්ක ජීවිතේ ගලන් ගියත් , අපි දෛවයට හැමදේම විසදන්න ඉඩ දෙන්න ඕනේ. කාලෙට ඒ දේවල් වෙන්න ඕනේ. අපි පරන ජීවිතේ අමතක කරලා අලුත් ජීවිතේකට හුරු වෙන්න ඕනේ. ඒකයි වෙනස්වීම්, ලැබීම් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ.
ඒත් ටේහ්යුන්ග් එයාට දෛවයෙන් ලැබුන දේවල් භාර ගන්න තවමත් ලෑස්ති නෑ. එයාගේ ජීවිතේ වෙනස් කර ගන්න තවමත් ලෑස්ති නැ. පරන ජීවිතෙන් ඈත් වෙන්න තවමත් ලෑස්ති නෑ..... එයා තවම අතීතේ ජීවත් වෙන්නේ
ටේහ්යුන්ග්ට , එයාගේ ආදරේ නැති වෙලා දැනට අවුරුදු 4ක් වෙනවා. ඒ කියන්නේ ජන්කුක් එයාව දාලා යන්න ගිහින් අවුරුදු 4ක් වෙනවා. ඒත් , තවමත් එයා ජීවත් වෙන්නේ අවුරුදු 4කට කලින් ජීවිතේ. එයාගේ ආදරේ ඒ කියන්නේ ජන්කුක් එයාව දාලා UK ගියාට පස්සේ ටේහ්යුන්ග් හැමදාම ජන්කුක්ට කතාකරන්න උත්සහ කරත් එයාට ජන්කුක්ව සම්බන්ද කර ගන්න බැරි උනා.
ටේහ්යුන්ග් , අවසානේ UK යන්න තීරණේ කරත් jinගේ අසනීප තත්වෙත් එක්ක එයාට jeon කම්පැනි එකේ CEO තනතුර භාර ගන්න උනා. ඒ හින්දා එයාට කොහෙවත් යන්න අවස්තාවක් හම්බුනේ නෑ. ටේහ්යුන්ග්ගේ eomma එයාට ඒ තනතුරට බල කරා. ටේහ්යුන්ග්ට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.
ජන්කුක් UK ගිහින් අවුරුද්දකට පස්සේ ටේහ්යුන්ග් , junghiව marry කරා. ඒත් ටේහ්යුන්ග් හොද පවුල් ජීවිතටක් ගත කරේ නෑ. මොකද එයා තවමත් අතීතේ ජීවත් උන හින්දා. ටේහ්යුන්ග් එයාට ලැබුන හැම අවස්තාවෙම ජන්කුක්ට කතා කරන්න උත්සහ කරා. ජන්කුක්ව බලන්න උත්සහ කරා. ඒත් ඒ හැම උත්සහයක්ම අසාර්තක උනා.
YOU ARE READING
Mystery
Fanfictionඇයි මං ඔයාට වඩා ගොඩක් කලින් මේ ලෝකෙට ආවේ.... ඇයි දෙවියෝ මාව ඔයා එක්කම මේ ලෝකෙට එව්වේ නැත්තේ.... අපි දෙන්නම එකට මේ ලෝකෙට ආවා නම් ... එහෙම උනා නම් අපේ කතාව ' අභිරහසක් ' නොවෙන්න තිබ්බා.