1st kiss 💋

63 11 5
                                    

පසුගිය කොටස .....

එ පරිසරයෙ තියෙන නිස්කලංක සුන්දරත්වය උපරිමයෙන් විදින ගමන් මං ඇවිදගෙන යද්දි එකපාරටම මගෙ ඉස්සරහට මොකෙක් හරි ආවා...ආව එකා මොකා උනත් කරපු වැඩේ නිසා මම තව ටිකෙන් ස්වර්ගස්ත වෙනව...මම එ මනුස්සයගෙ ඇගේ හැප්පිලා අඩි දෙකක් විතර පස්සට ගියේ මගෙ ඇස් දෙක ඉබේම පිය වෙද්දී ....

මගෙ ඔලුවත් වැදුණා එ මනුස්සයගෙ ඇගේ ...අම්මො එකටත් තරු පෙනුණා...මං ඔලුවත් අල්ලගෙන මගෙ ඇස් දෙක ඇරල බැලුවේ කවුද කියල ...හපොයි දෙයියනේ කුකී ඔප්පා නෙද මේ...පොල් ගහ වගේ උසට උසේ ඉඳගෙන තව අතින් කටත් වහන් හිනාවෙන කැත ...😏 මොන මගුලටද යකූ හිනාවෙන්නේ...මෙතන වැරැද්ද කරෙත් එයා තව හිනාත් වෙනව...මං ඔලුවත් අල්ලගෙන ඔප්පා දිහා ලාවට වගේ රවාගෙන බලන් ඉද්දි

🐰 හෙයි  ප්‍රින්සස් මොකද මෙ....මොකෝ උනෙ ඔහොම බලන් ඉන්නෙ මොකද ?

🌸 මොකෝ උනෙ තම ...මගෙ ඔලුවත් වැදුණා ..

🐰 ඈ එ කොහෙද ..

🌸 පොල් ගහක...පොල් ගහක් මගෙ ඉස්සරහට පැන්නානෙ එකෙ වැදුණා ..
ඇයි යකූ දන්නැ වගේ අහන විදිය..😒

🐰 ඔහ්  චින්ජා ...එ කවද්ද

🌸 අද අද මෙ දැන් ටිකකට කලින් ..

🐰 😂😂😂 අහ් එහෙමද ..

අම්මෝ අම්මෝ මෙයා නම් මාර කෙල්ලෙක් නෙ ..අනිත් වෙලාවට දැක්කත් දුවල යන කෙල්ලගෙ  කටට අද මොකක් වෙලාද...වෙනදාටමෙහෙම කියවනව තියා මූන බලාගෙන කතාවත් කරන් නැනෙ..

🐰 හරි දැන් මෙ කොහෙද යන්නේ තනියම ...

🌸 මං මෙ රූම් එකට යන්න කියල ගියේ ..

🐰 ආආ දැන් ටිකකට කලින් මට කිව්වනේ දැන්ම යන්නේ නැ කියල ...

🌸 ඔව් ඉතිම් එ වෙලාවෙ එහෙම කිව්වට දැන් නෙවෙයිනේ කිඋවෙ ..දැන් යනව ඉතිම් ..

🐰 අහ් එහෙමද ...මාත් මෙ රූම් එකට යන ගමන් හිටියෙ ..

🌸 හ්ම්ම් යන ගමන් හිටියනම් යන්න ඉතිම් ..😊

•|| My Crazy Alian ||• JJK 😵😵‍💫[ Completed ] Where stories live. Discover now