එක්සෑම් එක ඉවර වෙලා මාසයක්...
ඔව් මාසයක් එකදිගට ජිමින් යුනිවසිටි ආවේ නෑ...ජන්ග්කුක් යුනිවසිටි ගියා... එයාට ඕනේ උනා ජිමින්ව ආයේ හම්බ වෙන්න..ඒත් ජන්ග්කුක් හොදටම දන්නවා ජිමින් එක්සෑම් එකටවත් යුනිවසිටිවත් ආවේ නැත්තේ තමන් නිසා කියලා!ජිමින් මෙච්චර දුක් විදිද්දි ජන්කුක්ට පුලුවන් උනා යාලුවෝ එක්ක මේ මුකුත් නොවුන ගානට ඉන්න.
ඒත් එක දවසක්!
ජන්ග්කූක් හිටියේ එයාගේ යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගිහින්.එයාට කෝල් එකක් ආවේ කවදාවත්ම හිතපු නැති කෙනෙක්ගෙන්..ජන්ග්කුක් කෝල් එක ආනසර් කලේ වෙව්ලන ඇගිලි වලින්..
ඒ බයද?
අහ් නී..ජන්ග්කුක් බය වෙන්න කිසිම දෙයක් කරලා නෑ!
ඒත් කෝල් එක ආපු කෙනා ඉස්සරහා ජන්ග්කුක් රැවටිලි කාරයෙක්..කෝල් එක ආන්සර් නොකර ඉන්න බැරි කම නිසා ජන්ග්කුක් කෝල් එක ආන්සර් කලත් එයා බයින් හිටියේ..
"යොබොස්සෝ යු..න්..ගි හියුන්"
"ජන්ග්කූක් ජිමින් නැති උනා!"
"විහිලු කරන මානසිකත්වයක් මට නෑ හියුන්ග්"
"එ..යා... ගියා...! එයා ගියා මාව දාලා"
"හි..හියුන්?"
-බීප් -බීප්
ජන්ග්කුක් කතා කරද්දි කෝල් එක කට් වුනා..ජන්ග්කුක්ට යුන්ගි හියුන් කියපු දේ ගැන හිතාගන්න බැරි උනේ හොදින් හිටපු ජිමින් නැති වෙන්න කිසිම හේතුවක් තිබ්බේ නැති නිසා..
~යුන්ගි~
ජිමින්ගේ අයියා වෙච්ච යුන්ගි ජන්ග්කුක්ටත් එයාගෙම සහෝදරයෙක්ට වගේ ආදරේ කලා...ජන්ග්කුක්ට මතක් උනේ කාලෙකට කලින් යුන්ගි එයාට කියලා පොරොන්දු කරවගත්තු විදිහ හැමදාම ජිමින්ව බලාගන්නවා කියලා..ඒත් ජන්ග්කුක් ඒ පොරොන්දුව සත පහකට ගනන් ගන්නේ නැතුව ජිමින්ට රිද්දපු නිසා එයා බය උනා යුන්ගිට මුහුණ දෙන්න..ඊටත් වඩා ලැජ්ජ උනා!!ඒත් යුන්ගි ජන්ග්කුක්ට මුකුත් කිව්වේ නැ...යුන්ගිට ජන්ග්කුක්ට බැනලා ඉවර කරන්න බෑ කියලා යුන්ගී දන්නවා..මොකද ජන්ග්කුක් රිද්දුවේ යුන්ගි පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙනාට.
යුන්ගී කියපු දේවල් වැඩිය හිතුවේ නැතත් ජන්ග්කුක් දන්නවා ජිමින්ට එහෙම දෙයක් වෙලා නම් තමන් කරපු දේ පුංචිම හරි හේතුවක් වෙලා කියලා!
පුංචිම....ජන්ග්කුක් ඉන්නේ දෙගිඩියාවෙන්...එයා බය උනා වෙන කාගෙන් හරි මේ දේවල් ගැන අහන්න!
ඒත් අහන්න ලැබෙන දේ මොකක් උනත් ජන්ග්කුක් බය උනා!.එයා ට්‍රිප් එකේ හිටියත් හිත ඇතුලේ වැඩ කලේ ජිමින්ට මොනා වෙලාද කියලා.ඒත් ඒ දේවල් පිටට පෙන්නන්නෙ නැතුව ඉන්න ජන්ග්කුක්ට පුලුවන් උනා..මොකද එයා තමන්ගේ තත්වේ පහල දාගන්න කැමති උනේ නෑ..අනික ලොකු කම!
හැමදාම ප්‍රශ්න වලින් පැනලා ගියපු ජන්ග්කුක්ට මේ දේවල් ගානක් උනේ නෑ.එයා ඒතරම්ම හිටියේ ජිමින් රිද්දගන්න එකෙන් සතුටට පත් වෙලා...
ඒක වැරැද්දක් නම් එක පාරක් කලාට පස්සේ ඇබ්බැහි වෙන එක සාමාන්‍ය දෙයක්..ඉතිම් ජන්කුක් ඒ වැරැද්දට ඇබ්බැහි උන එක විතරයි උනේ!
__________#Diya________
මොනාම හරි කියන්න.
හිත හැදෙන්නවත්❤️
YOU ARE READING
My POV || JJK Centric || ☑️
Fanfiction"EVERYONE WORRY ABOUT HIM...NOT ME" "NO ONE CARE ME" "I HATE PARK JIMIN"