"ජූන්, මං හිතන්නෙ අපි ටේහියුන් ගැන බැලුවොත් හොදයි.."
ජින් කිව්වෙ නම්ජූන්ට ජිමින් පෙන්නපු රූම් එකට ඔලුව දාලා.
ඇත්තටම ජන්කුක් කියන්නෙ අංක එකෙ ෆෑන් කෙනෙක්.මං එහෙම කියන්නෙ මොකද දන්නවද,එයා පස්දෙනාටම හරියන්න ඇදුම් වගේම රූමුත් ඩෙකරේට් කරා....ඇදුම් වල සයිස් එකද?..අමතක කරන්න එපා ජන්කුක් කියන්නෙ bts ලගෙ නම්බර් වන් ෆෑන් කෙනෙක් කියලා,ඉතින් අනිවාර්යයෙන් ම එයා දැනන් හිටියා එයාලගෙ ඇගෙ සයිස්.
ඔව් එයා ටේහියුන් වෙනුවෙනුත් රූම් එකක් ලෑස්ති කරා,අපි ජන්කුක්ගෙ ආගන්තුක සත්කාර නිසා අමතක කරල දාමු එයා ඇදෙ මැද පොලු ටික අයින් කරා කියල් වගේම ටේහියුන් ට ලෑස්ති කරපු ඇදුම් වල හිල් හැදුවා කියලත්,බාත් රූම් එක ඇතුලෙ කරපු දේ උනත් ජන්කුක්ගෙ අහිංසක කම පිටින් දාලා අපි අමතක කරලා දාමු...
ආයෙමත් කතාවට...ඔව් ජින් ආවෙ නම්ජූන්ව හම්බෙන්න..මොකද එයාලා උඩට ඇවිත් දැන් ගොඩක් වෙලා ගතවෙලා තිබුනා වගේ ම පහලින් බඩු පෙරලන සද්ද වගේම ටේහියුන් ගෙ විලාපෙත් ඇහුනා..
" ඒ දෙන්නා විනෝද වෙනවා...ගොඩක්...
ආයෙමත් වීදුරුවක් බිදෙන සද්දෙ ඇහෙද්දි නම්ජූන් ඇස් පියාගෙන ඉදලා සද්දෙ නතර උනහම ඇස් ඇරියා..
" ටේහියුනුත් විනෝද වෙනවනම් හොදයි...යුන්ග්ස් නවතිනවා කිව්වා වගේ නෙමෙයි අපිට ලේබල් එකෙන් ප්රශ්නයක් වැටුනොත්"
"මං හිතන්නෙ එයාලා දැනටමත් පොලිසියට කියලා ඇති...
"අපි හෙටම මෙහෙන් යන්න ඕනි..මං හිතන්නෙ මේ ප්රශ්නෙ බරපතළ වෙන්න කලින් අපි යන එක හොදයි"
ජින් කියද්දි නම්ජූන් ඔලුව වැනුවා...
දවස් කීපයක විවේකයක් කියන්නෙ යුන්ගි කිව්වා වගේ හොද දෙයක් උනත් එයාලට කොහෙත්ම බෑ එයාලගෙ වගකීම් පැහැර හරින්න..
"තව එකක්...
නම්ජූන් ආයෙම ඇස් පියාගත්තෙ තව වීදුරුවක් බිදෙන සද්දෙ නිසා..
"සතුටුවෙන්න ඔයා හොදයි ජන්කුක්ට වඩා.."
ජින් කිව්වෙ හිනාවෙලා ,හරියට මේ දැන් එයාට ඇහුන ටේහියුන් ගෙ"මාව මරන්න එපා කියන" සද්දෙ ඇහුන්නැ වගේ...

YOU ARE READING
Buttercup |taekook
Fanfictionජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae...