ටේහියුන් ගෙ හිනාව තිබ්බෙ ජන්කුක් අඩන්න පටන් ගන්නකන් විතරයි .ඇස් රතු කරගෙන නහය උස්සන්න පටන් ගනිද්දිම ටේහියුන් ගෙ හදවත මොහොතකට ගැස්ම වෙනස් කරා...ඊලග මොහොතෙ ජන්කුක් විලාපය පටන් ගනිද්දි ටේහියුන් ගෙ කන් වල ගැස්ම වෙනස් කරපු එක වෙනම කතාවක්..
"ශ්....ප්ලිස් අඩන්න්න එපා...අයියෝ ජන්ගුක්-ශී මට ඔතෙන්ට එන්නත් බෑ.....
ටේහියුන් කතා කලත් ජන්කුක් අඩන එක නතරකරෙ නෑ...
එයා කිසිම දෙයක් ඒතරම්ම බරක් පතලට හිතෙන කෙනෙක් නෙමෙයි.පුංචි කාලෙ ඉදන්ම එයා තමන්ට ඕනි දේ කරගත්තා,ඒවගේම මේඩ්ස්ලගෙ මැද්දෙ හැදිලා වැඩුනෙ ආදරේ කියන ලස්සන දේ ජන්කුක් ට අහිමි කරලා,හිතන්න ජන්කුක් වැරැද්දක් කරද්දි ඒ වැරැද්ද කියලා දෙන්න කෙනෙක් වත්,ජන්කුක් දුකින් ඉද්දි එයාව බදාගන්න කෙනෙක් වත් නැතුව සල්ලිකාර තාත්තා කෙනෙක් එක්ක ජීවත් වෙන එක කොයිතරම් දුරට හොදද කියලා...
ඒකෙ කිසිම හොදක් නැ...
ජන්කුක්ට වඩා සතුටින් මුඩුක්කුවෙ ඉන්න ලමයි ඉන්නවා,මොකද එයාලට තුරුල් වෙන්න,ආදරේ කරන්න අම්මෙක් ඉන්නවා,සෙල්ලම් කරන්න , තාත්තෙක් ඉන්නවා,
ජන්කුක් තාම අඩනවා..අවුරුදු ගානකින් එයා ඒ ඇඩුවමයි.චූටි කාලෙ අම්මා එයාව දාලා යද්දී ඇඩුවට පස්සෙ ජන්කුක් ඔය අඩනවමයි.
එයාට සැරින් සැරෙ අම්මව මතක් උනත් හිතෙ කේන්තියක් මිසක දුකක්වත් ආදරයක් වත් එයාට දැනුන් නෑ..අනිත් අතට ජන්කුක්ට මතක් කරගන්න තරම් ආදරයක් එයාට අම්මගෙන් ලැබිලත් නෑ..අම්මයි තාත්තයි දෙන්නම සල්ලි පස්සෙ දිව්වා මිසක එයාලට ආදරෙ හොයන පුංචි හා පැටියෙක් ඉන්නවා කියල මතක් උනෙ නෑ ..
ජන්කුක් අඩන එක නතර කරන්නෙ නැති තැන ටේහියුන් එයාගෙ ශර්ට් එක ගලවලා එලියෙ ඉදන් බිම තියන ඔයිල් පිහ පිහ ජන්කුක්ට ලං වුනා,බිම වැටිලා ඉන්න හා පැටියගෙ අත් වලින් අල්ලගෙන ටේහියුන් නැගිට්ටවන්න ට්ර්යි කරත් ඔයිල් නිසාම ටේහියුන් නුත් ලෙස්සලා ජන්කුක් ලග එහා පැත්තට වැටුනා..
"ඕහ් ඔම්මාහ්...
ටේහියුන් පස්සත් අල්ලගෙන නැගිටින්න ට්ර්යි කරත් එයත් ආයෙම ලෙස්සුවා..ඊලගට එයාබැලුවෙ ජන්කුක් මොකද් කරන්නෙ කියලා..

YOU ARE READING
Buttercup |taekook
Fanfictionජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae...