සුගාට දැනුනෙ එයා අවුරුදු ගානකින් සනීපෙට නිදාගත්තා වගේ හැගීමක්.
පොඩ්ඩක් ඉන්න ඇයි එයාට එයාගෙ අත් දෙක හොලවන්න බැරි.කවුරුහරි එයාව ගැටගලවත් දාලද?ඒත් ඒතරම් අත් වලට රිදෙන්නෙත් නෑ...
"ජන්කුකී...මං හිතන්නෙ ටිකක් සුදුමැලි කෙනා දගලනවා වගේ...
අහ්...කාගෙද ඒ කටහඩ,හුරතල් කියලා පිලිගන්න පුලුවන්,ඒත් ඒයා ඒතරම් සුදුමැලි නෑ..ටිකක් සුදු වුනත් ඒකට සුදුමැලි කියන්න බෑනි...
"සුගා හියුන් සුදුමැලි නෑ මෝචි..බලන්න එයා කොයිතරම් හුරතල් පාටද?
ඔහ්..මෝචි ?එයාලව කිඩ්නැප් කරලා තියෙන්නෙ කෑම ජාති ටිකක්ද?හරියට ගාර්ෆීල්ඩ්ව ලසඥ්ඥාලා කිඩ්නැප් කරා වගේ!!
"ප්ලීස් මාව කන්න එපාහ්....!!!
සුගා කෑගහගෙන ඇස් අරිනකොට එයා ඉස්සරහ හිටිය පුංචි කෙනෙක් පිටිපස්සට විස්සික්කා වෙනවා එයා දැක්කා..
ඊට පස්සෙ එයා දිහා බලන් හිටිය හාවෙක් වගේ කොල්ලෙක් එකපාරට කෑගහගෙන කලන්තෙ දානවත් එයා දැක්කා...
සතුටුවෙන්න පුලුවන් එක කාරනයක් හරි තියනවා,
මොකද එයා ව හිරකරන් ඉන්නෙ පිටසක්වලින් ආපු කෑම ජාති නොවන නිසා...
සුගා වටපිට බලද්දියි දැක්කෙ එයා වගේම පිලිවලට එයාගෙ යාලුවො ටිකත් පුටුවල ගැටගලා තියන විත්තිය.
එයාලා මැරිලද?
සුගා තමන්ට මුමුන ගත්තත් ඊට තප්පර අරික්කාලකට පස්සේ ජින් වගේම අනිත් අයත් ඇස් ඇරෙද්දි සුගා ලොකු හුස්මක් පාතට දැම්මා..
"ආහ්හ්හ්හ්හ්...මේ මොකාද මාව ඔතලා තියෙන්නේ..
ජින් කෑගැහුවෙ එයාගෙ වටෙ ඔතලා තුයන රෙදි පටිය එහාට මෙහේට දාලා සෝෆා එකෙ සනිපෙට කකුල් දෙක දිග අරින ගමන්.
මං ඔයාලට කිව්වද එක්කෙනෙක් ඇර එයාලා හතරදෙනවම සෝෆා වල ඔතලා තිබ්බෙ කියලා .?
"ඕයි නැගිටිනවා!!!
ජින් ඊලගට හයියෙන් කැගහන්න ගනිද්දි සිහියනැතිව හිටිය අනිත් අයත් හිමින් ඇස් ඇරියෙ වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව.
"අපිට මොකද උනේ?
හෝසොක් සෝෆා එකෙන් නැගිටින ගමන් එයාලා ඉන්න ලක්ශරි මැන්ශන් එක වටේ ඔලුව ගෙනිච්ච.
"අපිව කිඩ්නැප් කරාද"
නම්ජූන් ඇහුවෙ ලොකු ඈනුමක් අරින ගමන්.
"ඔයාලා හිතනවද මෙහෙම අපිට ගලවගන්න පුලුවන් විදිහට ගැටගහලා කිඩ්නැප් කරයි කියලා..
සුගා ලේසියෙන් එයා වටෙ තිබ්බ රෙදි පටි අයින් කරලා සෝෆා එකට කකුල් අරන් ඇස් පියාගත්තා..
" ඒකත්....ඔහ් කවුද අර දෙන්නා?
හෝසොක් කියන්න ගත්තත් එයාලා ඉස්සරහ වැටිලා ඉන්න හ පැටියෙක් වගෙ කොලු පැටියයි බිත්තිය අල්ලගෙන ඔලුව අත ගගා නැගිටින කෙනයි දිහා බලන් කියද්දියි අනිත් අයත් එයාලව දැක්කේ..
"හායි.
ජිමින් අපහසුවෙන් හිනාවුනෙ සිහියනැතිව හිටිය ජන්කුක්ට පයින් ගහන ගමන්
"ඔයාල දෙන්නා අපිව කිඩ්නැප් කරාද?
නම්ජූන් අහද්දි ජිමින් ඔලුව වැනුවෙ නෑ කියන්න .
ඔහ්! අපෙ අසරන මෝචි බෝලේ ඒ ලොකු ඇගක් තියන කෙනාට බයවෙලයි ඉන්නේ..
"මෙන්න මෙයයි කිව්වෙ ඔයාලව කිඩ්නැප් කරමු කියලා....ජන්කුකී නැගිටිනවකෝ..."
"මෙයාද අපිව කිඩ්නැප් කරේ"
ජින් ඇහුවෙ ජන්කුක්ගෙ මූනට එබිලා..
"ගොඩක් දරුනු කිඩ්නැපර් කෙනෙක්නේ..බලන්නකො එයා අපිව ගැටගලා තියන විදිහ...
නම්ජූන් කිව්වෙ හිනාවෙන ගමන්..
"පො...පොඩ්ඩක් ඉන්න ම එයාව නැගිට්ටවන්නම්..."
ජිමින් හිනවෙලා ජන්කුක්ගෙ කනගාවට ගිහින්" bts is live' කියලා කෑගහුවා..
ඔන්න එතකොට ජන්කුක් කියන කෙනා ඇස් ඇරියා..
එතකොට එයා දැක්කෙ එයා ඉස්සරහ ඉන්න bts ලව
"ඔම්මාහ්....bts ලා මගෙ ගෙදර සාලේ...
"මේ ලමයට මීමැස්මොරයද?එයා ආයෙම සිහිනැති උනානි"
"එයාට සිහිය නැතිඋනා හරි නැතා හරි මාව ලෙහනවලකෝ"
එතකොටයි එයාලගෙ අවදානය දිරපු ලී පුටුවක් උඩ හොදටම ගැටගහලා උන්න හැන්ඩ්සම් මනුස්සයා වෙත යොමු උනේ!!!
♥️

YOU ARE READING
Buttercup |taekook
Fanfictionජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae...