කමෙන්ට් ගෝල් - 50
ටේහ්‍යුන් හිටියේ JM ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු අධි සුඛෝපභෝගී කාමරය ඇතුළෙ JM අවුරුදු ගානක් තිස්සෙ මහන්සි වෙලා ප්‍රතිනිර්මාණය කරපු අර්තාපල් වල අල හාරලා හදපු පොටැටෝ චිප්ස් හපන ගමන්.
ගෙවුණු දින කීපය පුරාවට කරන්න කියලා ලොකු වැඩක් නැති නිසා ටේහ්‍යුන් කරපු එකම දේ කාපු බීපු එක සහ එක්සර්සයිස් කරපු එක විතරමයි. විශේෂයෙන්ම ටීවී එකෙ හැමදාම පෙන්වන පොලිටීෂින්ස්ලා ගෙ මරා ගැනීම් නැතුව ටේහ්‍යුන් ට දැණුනෙ ජීවිතෙ ලොකු හිස් තැනක් හැදිලා වගේ.
කෙටියෙන් කිව්වොත් අවසාන මනුෂ්‍යයා වෙන එක වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම කම්මැලි වැඩක් උනා!
"හෙලෝ කිම් ටේහ්‍යුන්"
ටේහ්‍යුන් ලගට ආපු JM ටේහ්‍යුන් ගෙ හැන්සම් ෆේස් එකට එබිලා බැලුවා.
"කිම් ටේහ්‍යුන් ? ගෝඩ්... කිම් ටේහ්‍යුන්!!"
ඉස්සරහ බලාගෙන JM ව ගනන් ගන්නෙ නැතිව ඉන්න කිසිම හැගීමක් නැති ටේහ්‍යුන්ගෙ ෆේස් එක දැක්ක JM හැමදාම වගේ අනවශ්‍ය විදියට කලබල උනා.
"ෆක්..!! නෝ එක්ස්ප්‍රෙෂන්ස්. කිම් ටේහ්‍යුන්ගෙ ඇගෙ තියන වැඩකට නැති නියුරෝන්ස් පිරිච්ච නවර් සිස්ටම් එක පිස්සු නටලා!! කිම් ටේහ්‍යුන් ට පාකින්සන් ඩිසීස් එක හැදිලා. කිම් ටේහ්‍යුන්ව ඉක්මනට ලැබ් එක අරගෙන යන්න ඕනෙ!!"
ටේහ්‍යුන් ගෙ හැගීමක් නැති ෆේස් එක දිහා බලලා ටේහ්‍යුන්ගෙ ඩිසීස් එක සර්ච් කරලා බලපු JM හයි ෆීරීකුවන්සි එකකින් කෑගහනකො ටේහ්‍යුන් පියවි සිහියට එළඹුනා.
"පිස්සු ඩොක්ටර් මොකද මේ? මට ඇති ලෙඩක් නැහැ"
ටේහ්‍යුන් තමන්ගෙ අතින් අදින JM ව පැත්තකට තල්ලු කරනකොට JM ඉක්මනට ටේහ්‍යුන් ගෙ නලලින් අත තිබ්බා.
"ටෙම්පරේචර් 36.6 , බ්ලඩ් ප්‍රෙෂර්......"
"නවත්තා ගන්නවා ඔය තැටිය!! මට අහලාම ඇති වෙලා. මට ඇති ලෙඩක් නෑ"
ටේහ්‍යුන් තරහෙන් කියනකොට JM ගෙ මූණ බෙරි උනා. විශේෂයෙන්ම ඒ JM ට ගොඩක් තදින් කතා කරපු පුද්ගලයා JM ගොඩක් ආදරය කරපු - වට් ආදරය? මේ බී.. JM ගොඩක් ආදරය කරපු හැන්ඩ්සම් ෆේස් එක වීමයි.
YOU ARE READING
The Last Human | Vmin [completed]
Fanfictionරොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන මනුෂ්‍යයා විය! Started - 05 Aug 2022 Completed - 13 sep 2022