කමෙන්ට් ගෝල් - 50
"JM..."
"කියන්න කිම් ටේහ්‍යුන්"
ටේහ්‍යුන් ලැබ් එකට වෙලා බර වැඩක හිටපු JM ට දහවෙනි පාරටත් බාධා කරනකොට JM බොහොම ඉවසීමෙන් කතා කලා.
"නතින්"
ටිකක් වෙලා කල්පනා කරලා බුම්මා ගත්ත ටේහ්‍යුන් මේසෙ උඩින් මූණ තියාගෙන JM ගෙ මූණ ඇඳුන බැරෑරුම් ඉරියව් දිහා බලාගෙන හිටියා. JM ගෙ ලෝකයට , වෙල් අවුරුදු දාහකට පස්සෙ ලෝකය කොහෙත්ම ටේහ්‍යුන් ගෙ ලෝකයක් නම් උනෙ නෑ. ඉතින් JM ගෙ ලෝකයට ඇවිත් ටේහ්‍යුන් අදට මාසයක් විතර වෙනවා. ගත උන හැම තප්පරයම JM ගෙ පස්සෙන් ටේහ්‍යුන් නැට්ට වගේ හිටියා.
"JM මට කම්මැලීනෙ... මම කන්න දෙයක්....."
"නොව් නොව්..!! කීයටවත් නෑ. ලැබ් එක ඇතුලට ෆුඩ් අරගෙන එන එක තහනම්"
JM ටේහ්‍යුන් කියලා ඉවර වෙන්නත් කලින් බාධා කලා. මීට සතියකට විතර කලින් ටේහ්‍යුන් විසින් JM ලගෙ ලැබ් එකෙ තිබුන ඔක්සිජන් ලෙවෙල් එක බැලන්ස් කරන මැෂින් එක එයාගෙ තාර්කික බුද්ධියෙන් , සෝස් දාපු පොටැටො චිප්ස් කන ගමන් විශ්ලේෂනය කරන්න ගිහින් ඒකෙ අස්සට සෝස් දැම්මට පස්සෙ ටේහ්‍යුන්ට ලැබ් එක අස්සට කෑම උස්සගෙන එන එක JM දඩුවම් ලැබෙන වරදක් හැටියට නම් කලා.
JM ටේහ්‍යුන් ගෙ මෝඩ හිනාවටයි , දිලිසෙන මනුෂ්‍ය ඇස් වලට වගේම නහර වලින් පිරුණු මිනිස්සු බ්රේන් එක කියලා නම් කරපු ජෙල් එකෙන් කලදක් වත් නැති ඔලුවට පිස්සුවෙන් වගේ ආදරය කලාට , ඒ ආදරයට වඩා අර තහනම පොඩ්ඩක් විතර පවර් ෆුල් උනා.
විශේෂයෙන්ම ඔක්සිජන් ලෙවෙල් එක ඉම්බැලන්ස් උන නිසා ටේහ්‍යුන් ලැබ් එක මැද පපුව අල්ලගෙන වැටුන එක JM අවුරුදු සීයක් තිස්සෙ නිර්මාණය කරපු ඇසෙටොබැක්ටර් පාංශු ක්ෂුද්‍ර ජීවීන් විනාශ උන එකට වඩා බරපතල කාරණයක් කියලා JM සැළකුවා.
(වාසනාවකට වගෙ 'හදිසි තත්ව සදහා' වෙන් කරලා තිබ්බ ඔක්සිජන් මාස්ක් එක ටේහ්‍යුන්ගෙ ජීවිතය බේරා ගත්තා)"කෝ ඉතින් කිම් ටේහ්‍යුන් බුම්මා ගන්න එපා"
"බෝරින් මේ ජීවිතෙ"
ESTÁS LEYENDO
The Last Human | Vmin [completed]
Fanficරොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන මනුෂ්‍යයා විය! Started - 05 Aug 2022 Completed - 13 sep 2022