06 - ඒන්ජල්

464 167 67
                                    

කමෙන්ට් ගෝල් - 50

"ගෝඩ් කිම් ටේහ්‍යුන් මම කිව්වා මාස්ක් එක ගලවන්න එපා කියලා. කිම් ටේහ්‍යුන් ගෙ ඔලුව ඇතුළෙ තියෙන්නෙ not gate එකක්ද? මම දෙන කමාන්ඩ් අනිත් පැත්තම කරන්නෙ ..."

ටේහ්‍යුන් රූම් එකෙ ඉඳගෙන අමාරුවෙන් පපුව අල්ලගෙන කහින්න ගත්තම JM පණ කඩාගෙන දුවගෙන ඇවිල්ලා කෑ ගහන්න පටන් ගත්තා.



"මට බෑ මේ මගුලෙ ඔක්ෂිජන් මාස්ක් එක දාන් ඉන්න"

ටේහ්‍යුන් ඉක්මනට බුම්මා ගත්තා. කලින් දවසෙ ටේහ්‍යුන් JM එක්ක ෆීරීස් උන එර්ත් එකට වටේ (වටේ කිව්වට වටේම නෙවෙ) පොඩි රවුමක් ගැහුවට පස්සෙ ටේහ්‍යුන් ට බ්රීතින් ප්රොබ්ලම් එකක් ආවා. ඒකට ප්‍රධාන හේතුව JM ටේහ්‍යුන්ව කොච්චර පරිස්සම් කරන්න හැදුවත් ටේහ්‍යුන් ගෙ අති පණ්ඩිත මොලෙ නම් JM කියන දේ අහන්න කැමති උනෙ නැති කම.

ඒකෙ ප්‍රතිපලයක් විදියට එලියෙ හදපු ග්රීන් හවුස් එකක ටේහ්‍යුන් ඔක්ෂිජන් මැෂින් එක ගැලෙව්වෙ ෆ්රෙෂ් එයා ටිකක් ගන්න කියලා. ඇත්ත. ග්රීන් හවුස් එකක් ඇතුලෙ හොද ඔක්ෂිජන් කවුන්ට් එකක් තියනවා උනාට කොහෙත්ම ඒක සීයට සීයක් පිරිසිදුයි කියලා කියලා ගැරන්ට් කරන්න බෑනෙ. ටික ටික එහාට මෙහාට වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඒක විශ වායු වර්ග පිරුණු පරිසරයක හදපු ග්රින් හවුස් එකක් උනාම තත්වෙ තවත් නරක අතට හැරෙනවා.

ඉතින් ටේහ්‍යුන් ගෙ මේ අති පණ්ඩිත වැඩෙ නිසා ටේහ්‍යුන් ගෙ ලන්ග්ස් දෙක වැඩ වර්ජනය කරන්න තීරණය කලෙ ඒක නිසයි....





"කිම් ටේහ්‍යුන් කියන දේ අහන්න. ඔයාට ටිකක් වේගයෙන් ඔක්සිජන් සප්ලයි කරන්න ඕනෙ."

JM තදින් ටේහ්‍යුන්ට ඔක්ෂිජන් මාස්ක් එක දිග් කරගෙන කියනකොට JM ගෙ අතට ගැහුව ටේහ්‍යුන් පැත්තක් බලා ගත්තා.




"මට ඕනෙ නැහැ... මේ මොන කරදරයක්ද?"

"ජස්ට් ලිස්න්..!! මම ඔයාට හොදක් කරන්න යන්නෙ කිම් ටේහ්‍යුන්!!!"

JM බුම්මගෙන කියනකොට ටේහ්‍යුන් පුලුවන් උපරිමයෙන් ම ඇස් කරකවලා JMට රැවුවා.


"කවුද කිව්වෙ මට හොඳ කරන්න කියලා JM. ඔයා මොකටද suicide කර ගත්ත මට ආයෙ පණ දුන්නෙ. මට පණ දුන්නෙ නැත්තම් මේ කිසි කරදරයක් නැහැ"

The Last Human | Vmin [completed]Место, где живут истории. Откройте их для себя