කමෙන්ට් ගෝල් - 50
"මම කිව්වා .. මම තමුන්ට කීපාරක් කට කැඩෙනකම් කීවද , ඔය ඔක්සිජන් මාස්ක් එක ගලවන්න එපා කියලා කිම් ෆකින් ටේහ්‍යුන්?"
"කියන දේ අහනවාද? නෑනෙ... හරිනේ අමාරුව...! ඔය කර ගත්තෙ!"
"මයි ගෝඩ්... ඔයාගෙ ඇගෙන් බ්ලඩ් කොච්චර ගියාද කිම් ටේහ්‍යුන්..!!"
"රොබෝ කෙනෙක් නොවුනා නම් පැනික් ඇටෑක් එකකින් JM මැරනවා....!!!"
"යූ ඉඩියට්!!"
ටේහ්‍යුන්ව ලැබ් එකට චෙකප් වලට ගෙනාවට පස්සෙ අසනීපෙන් ඇඳේ සේලයින් බෝතලයක් එල්ලගෙන දිගා වෙලා හිටපු ටේහ්‍යුන්ට JM එක දිගට බැනගෙන බැනගෙන යද්දී ටේහ්‍යුන් JM දිහා හිනා වෙවී බලාගෙන හිටියේ ජේකේ සහ එස්ජේ මූණෙන් මූණ බලා ගනිද්දී.
"JM ඇති ඔය කෑ ගැහුවා. එයාට රෙස්ට් කරන්න.."
"රෙස්ට් කරන්න? රෙස්ට් කරන්න. මම එපා කියන ඒවා කරලා කරලා තව රෙස්ට් කරන්න... මයි ගෝඩ් අයිම් ගොයින් ක්‍රේසි..!!"
ජේකේ එයා ඉදිරිපත් කරපු අදහස එහෙමම අකුලගෙන පසුබාන්න තීරණය කලේ JM ජේකේගෙ ඇගට කඩා පැන්න නිසා.
"ඕකේ ඕකේ... ඔයා එයාට JM ට ඇති වෙනකම් බැන ගන්න"
ටේහ්‍යුන් ගෙ කර්ණ පටහ නාලය , කර්ණ ශංඛක ප්‍රණාලය , මුද්ගරිකාව ආදී වූ මනුෂ්‍යයෙක් ගෙ කන ඇතුළෙ තියන එකී නොකී මෙකී පාර්ට් වලට අවංකවම අනුකම්පා කරන ගමන් ජේකේ JMට අවසර දුන්නා.
"කිම් ටේහ්‍යුන් මේක හිනා වෙන වෙලාවක් නෙවෙයි...!!!"
ජේකෙ ගෙන් අවසරය ලැබුන ගමන් JM තරහෙන් කෑ ගහනකොට ටේහ්‍යුන් බැරි බැරි ගාතෙම JMගෙ අතින් අදිනකොට JM ටේහ්‍යුන් ගෙ ඇගට කඩාගෙන වැටුණා.
"යුආ කියුට්"
දත් සෙට් එක පෙන්නලා විරිත්තුව ටේහ්‍යුන් JM ගෙ උල් උන තොල් උඩින් එයාගෙ තොල් දෙක තියාගන්න කොට ජේකේ ඉක්මනට ඇස් දෙක වහගෙන SJ ගෙ ඇස් දෙකත් වැහුවා.
"අහම්.."
ටේහ්‍යුන් ගෙ පපුව උඩ අත් දෙක තියාගෙන අසනීප උන මනුස්සයා ගෙ ඇග උඩ හිටපු JM ලැජ්ජාවෙන් කොදුරනකොට ටේහ්‍යුන් JM ගෙ කම්මුලට කිස් එකක් දීලා SJ දිහා බැලුවා.
أنت تقرأ
The Last Human | Vmin [completed]
أدب الهواةරොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන මනුෂ්‍යයා විය! Started - 05 Aug 2022 Completed - 13 sep 2022