03 - ටේහ්‍යුන් ද හැන්ඩ්සම් ෆේස්

550 178 177
                                    

කමෙන්ට් ගෝල් - 50

"හූ ආ යූ...?"

තමන් දිහා රොබෝ කෙනෙක්ට පුලුවන් උපරිමයෙන් මූණ බෙරි කරගෙන බලාගෙන ඉන්න JM ට විරිත්තන ගමන් ටේහ්‍යුන් කිව්වා.



"හෙලෝ. මම JM. එතකොට ඔයා....?"

බිම වැටිලා පස්ස ඇනගෙන හිටපු ටේහ්‍යුන් වෙත අත දිග් කරලා JM කියනකොට ටේහ්‍යුන් අමාරුවෙන් පස්ස අත ගාන ගමන් නැගිට්ටා.



"අයිම් ටේහ්‍යුන්. කිම් ටේහ්‍යුන්....?"

ටේහ්‍යුන් JM ගෙ කියුට් අත එයාගෙ දිග ඇගිලි වලින් අල්ලා ගත්තා.




"ටෙම්පරේචර් 36.7 සෙල්සියස් , BMI වැලියුව් 19.038 , ලන්ග් කැපෑසිටි නෝමල් , හාර්ට් බීට් පර් සෙකන්ඩ් 75 , බ්ලඩ් ප්‍රෙෂර් 120/80mmHg. නෝමල් නෝමල් සේරම නෝමල්... JM ට ගොඩක් සතුටුයි. කිම් ටේහ්‍යුන් හොඳින්"

ටේහ්‍යුන් ගෙ අත වේගයෙන් හොලවන ගමන් JM විරිත්තුවා.



"වට්..? මොනවද ඔයා ඔය කියවන්නෙ? මොනවා හරි කැවුනද?"

JM කියපුවා අහලා හයි ස්කූල් එකෙ සයන්ස් වලට ලකුණු දහය පැන්නුවෙ නැති ටේහ්‍යුන්ගෙ ඇස් දෙක පොල් සයිස් උනා.



"වෙල්. ඉට්ස් ඕකෙ.. කිම් ටේහ්‍යුන්...? ඔයාට කොහොමද? හොදින් ද?"

JM හිනා වෙලා අහනකොට JM ගෙන් අත ඇදලා ගත්ත ටේහ්‍යුන් ඔලුව කහන ගමන් JM දිහා බලාගෙන හිටියා.





"මේ හෙවන් එක වෙන්න බෑ. මම ඉන්නෙ පිස්සන් කොටුවෙ මම හිතන්නෙ"

ටේහ්‍යුන් JM ට පිටුපාලා තනියම මිමිණුවේ JM ගෙ අමුතු හැසිරීම ගැන පුදුමෙන්.





"ම්... JB..."

"JM!"

JM ඔලුව කස කස මෝඩයෙක් වගෙ බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව නිවැරදි කලා.


"හරි දෙකම එකයි...."

"නොව්. B කියන්නෙ ඇල්ෆබට් එකෙ දෙවනි ලෙටර් එක, එතකොට m කියන්නෙ ඇල්ෆබට් එකෙ 13 වෙනි ලෙටර් එක!! බී වෙනුවට එම් දාන එක ගොඩක් භයනාක තත්වයක්. වචනයක තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්. මේක Dysgraphia කන්ඩිෂන් එකක් වෙන්නත් පුලුවන්. මම හිතන්නෙ කිම් ටේහ්‍යුන්ව ඉක්මනට චෙකප් එකකට ගෙනියන්න ඕනෙ..."

The Last Human | Vmin [completed]Onde histórias criam vida. Descubra agora