11. හත්දින්නත් තරු

395 150 55
                                    

"කිම් ටේහ්‍යුන්ට හන්ඩ්‍රට් ප්‍රසන්ට් ෂුවර්ද අපි මේ ගමන යන්න ඕනෙ කියලා?"

JM ටේහ්‍යුන් දිහා බලාගෙන  54368919103949193911001 වෙනි වතාවටත් ඇහුවා.

"ඔෆ් කෝස්. අපි යන්නම ඕනේ!!"

ටේහ්‍යුන් ඒකමතිකව කියනකොට  JM ඩොක්ටර්,  ජේකේ සහ sj දිහා අසරණ විදියට බැලුවා. ඩොක්ටර් දෙන ට්‍රීට්මන්ස්ට් ප්‍රතික්ෂේප කරපු ටේහ්‍යුන් ආයෙත් ට්‍රීට්මන්ට්ස් ගන්න නම් JM එක්ක හැන්දෑවේ ඉර බහින හැටි බලන්න යන්න ඕනෙ කියලා තර්ජනය කරනකොට එයාලට කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනේ නෑ.

ටේහ්‍යුන්ව ජීවත් කරන්න නම් බෙහෙත් දෙන්න ඕනෙ. ටේහ්‍යුන් එක බෙහෙතක් වත් ගන්න කැමති නෑ. ටේහ්‍යුන් කියන්නෙ කට බලේට මිරිකලා බෙහෙත් පොවන්න අවුරුදු පහක පොඩි කොල්ලෙක් නෙවෙයි. එහෙම පොවන්න පුලුවන් උනත් JM ගෙ සර්කිට් එකෙ ආදරණීය පාර්ට් එක එයාගෙ කිම් ටේහ්‍යුන් ට එහෙම කරන්න ඉඩ දුන්නෙ නැහැ.

"ඕකෙ.. එහෙනම් ඔක්ෂිජන් මාස්ක් එක ගලවන්න බෑ ටේහ්‍යුන්"

නසරාණි ටේහ්‍යුන් ගෙ හැටි හොදටම දන්න නිසා ඩොකටර් ටේහ්‍යුන්ට උපදෙස් දුන්නා.

"ෂුවර් ඩොක්ටර්" ටේහ්‍යුන් කියනකොට ටේහ්‍යුන් ගෙ කපටි හිනාව දැක්කෙ නැති ඩොක්ටර් අවසානෙ අනුමැතිය පල කරලා ඔලුව හෙලෙව්වා.

"එහෙනම් පරිස්සම් වෙන්න"

"පරිස්සමින්"

ඩොක්ටර් කියනකොට sj ටේහ්‍යුන්ගෙ අත අල්ලන් කියනකොට ටේහ්‍යුන් හිනා වෙලා JM ගෙ අත අල්ලා ගත්තා. අනිත් පැත්ත හැරිලා JM එක්ක අත් පටලාගෙන ලැබ් එකෙන් එලියට ඇවිදගෙන ගියපු ටේහ්‍යුන් ආපසු හැරිලා ඔවුන් යන දිහා බලාගෙන ඉන්න ඔවුන්ගෙ යාලුවො ජේකේ සහ SJ දිහා බලලා අත වැනුවා.

"ගුඩ් බායි"

___

"මෙතන හොඳයි"

අධි තාක්ෂණික වාහනය පදවාගෙන ආව ටේහ්‍යුන් ලොකු කන්දක් පාමුල වාහනය නතර කරල ඒකෙන් බැහැලා JM දිහා බැලුවා. බලලා JM ට අත දිග් කරනකොට JM ටේහ්‍යුන් ගෙ අත අරගෙන හිනා උනා. ටේහ්‍යන් ගෙ කට මාස්ක් එක නිසා නොපෙනුනත් ටේහ්‍යුන් ගෙ ඇස්වලට තරු කැට හයි කරලා වගේ පේනකොට JM දැනගත්තා ටේහ්‍යුන් හිනා වෙනවා කියලා.

The Last Human | Vmin [completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin