10th breath🍂

342 57 16
                                    

ඩොක්ටර්ස්ලා ජන්කුක්ගේ ජීවිතෙත් එක්ක ඔට්ටු අල්ලද්දි යූනාට දැනුණේ හිස් හැගීමක්. කෙල්ල මොනවා කරන්නද ? ඒ ලේ ගෑවුණු පුංචි පුංචි ආයුධ එහෙට මෙහෙට කරකර කොල්ලගේ ජීවිතේ එක්ක පොරබදින්න තරම් දැනුමක් යූනාට නෑ. කෙල්ලට කරන්න පුලුවන් එකම දේ ජන්කුක්ගේ ජීවිතේ වෙනුවෙන් දෙවියන් යදින එක විතරයි. තමන් ආදරේ කරන කෙනෙක් වේදනාවෙන් ඉන්න බව හොදටම දැන දැනත් ඒ වෙනුවෙන් මුකුත්ම කරගන්න බැරිවුණාම හිත් කොච්චරනම් අසරණ වෙනවද ? ඒ උහුලන වේදනාවෙන් එක දශමයක්වත් තමන්ගේ ඇගට ඇදලා ගන්න බැරිතැන හිත් කඩාවැටෙනවා නොසෑහෙන්න. ඒකත් තමන් පණවගේ ආදරේ කරන එකම පිරිමියා වුණාම ඒ ගෑණු හිත අසරණ වෙන තරම පිටින් බලන කිසිම කෙනෙකුට හිතාගන්නවත් බැරි වේදනාවක්..

"ඇස් අරින්න පණ.. මන් බලාගෙන ඉන්නවා ... "

ජන්කුක්ගේ පියවුණු ඇස් උඩින් තෙත තොල් තදකරලා යාන්තමට මුමුණපු කෙල්ලගේ අතින් අල්ලගෙන ජිමින් යූනාත් එක්ක එලියට ගියා. ගාර්ඩ්න් එකේ බෙන්ච් එකකට බරදීලා ජිමින් බංකුවට තට්ටු කරේ කෙල්ලටත් එතනින් ඉදගන්න කියලා ඉගි කරන ගමන්. කතා කරන්න තියෙනවා කිව්වට මොකද ජිමින්ට දැන් එක වචනයක් පිටකරගන්නත් මහ ලොකු ආයාසයක් දරන්න වෙලා. උගුර කැඩෙන්න තරම් ලොකු දුකක් ඒ පිරිමි පපුව කඩාගෙන එලියට එන්න දඟලනවා. පුංචි වයසේ ඉදන් එකට ඉදිය කොල්ලගේ පොඩිඑකා ජන්කුක්. පපුකඳ උතුරන්න ආදරයක් අයිති කරගෙන ඉන්න පොඩිඑකා ජන්කුක්. පිරිමියෙක් වුණ පලියට අඩන්න අවසර නැති වුණාට ඒ පපුවේ තෙරපෙන දුක කදුළු වෙලා ජිමින්ගේ කම්මුල් දිගට ගලාගෙන ගියේ ජිමින්ට ජන්කුක් ගැන තිබුණු සහෝදර කැක්කුමට කොල්ලා ඒ තරම්ම ලෝභ වුණු නිසා වෙන්නැති...

" මේ හැමදේටම වැරදිකරයා මම යූනා.. මගේ කොල්ලා අද දුක් විදින්නේ මම නිසා.."

වෙනතකට හැරිලා තිබ්බ යූනාගේ ඇස් ජිමින් දිහාවට හැරුණේ හරි වේගෙන්

" ඔප්පා "

" ඔයාට මතකද ඔයා කුකීව හම්බෙන්න අපේ හොටෙල් සයිට් එකට ආපු දවස "

කොහොම අමතක වෙන්නද ? අදටත් ජන්කුක් අර තට්ටු ගාණක් උඩින් පහළට වැටෙන්න ගිය විදිහ මතක් වෙනකොට කෙල්ලට පපුව ගැලවෙන්න තරම් බයක් දැනෙනවා.

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ