No one's view
කලින් ඔක්කොම ලෑස්ති කරපු විදියට යූනා කලින්ම ගෙදර යනකොට ජිමින් ජන්කුක්ව එක්කගෙන ගෙදර ආවා.. හේසෝක් කියපු විදියට අද ජන්කුක්ව ඩිස්චාර්ජ් කරගෙන ගෙදර එක්කන් ආවේ වෙනදට කොල්ලව ගෙදර එක්කන් එද්දි නොදැනිච්ච අමුතු දුකක් හැමෝගෙම හිත්වල යන්තම් පැතිරිලා යද්දි..
මොකද එයාලට ආයිත් ජන්කුක්ව මේ විදියට ගෙදර එක්කරගෙන එන්න බැරිවෙයි.. ගොඩක්දුරට.. !!අද ජිමින් එක්ක ටේහ්‍යෙන්ග්නුත් එකතු වෙද්දි ජිමින් යූනාගේ ගේ ඉස්සරහ වාහනේ නතර කෙරුවම ජන්කුක් එක්ක පිටිපස්සේ ඉදපු ටේහ්‍යෙන්ග් හිමීට ජන්කුක්ව ඇහැරෙව්වා.. එන ටිකට ටේහ්‍යෙන්ග්ගේ උරිස්ස උඩ ඔලුව තියාගෙන කොල්ලා නිදි.. එනකම් ටේහ්‍යෙන්ග් ජන්කුක්ගේ කර වටෙන් අතක් දාගෙන කොල්ලගේ නිදිමතට කඩාවැටෙන බෙල්ල එයාගේ උරිස්සට තද කරගෙන ආවේ හරි පරිස්සමට.. ඒ උනාට දැන් ඇහැරවන්න එපැයි.. නැත්තම් ප්ලෑන් කරපුවා වතුරෙනේ !!
" ජන්කුකී.. කෝ නැගිටින්න කොල්ලෝ.. ජන්කූ .. අපි ගෙදර ආවෝ !! "
ටේගේ සද්දෙට කෙදිරි ගගා ඇහැරපු කොල්ලා උඩබිම බැලුවේ මේ කොහෙද ඉන්නේ කියලා..
" කෝ හොදටම ඇහැරෙන්න ඉතින්.. "
බාගෙට ඇහැරන් ඉන්න කොල්ලගේ අවුල් වෙලා තිබ්බ බිනීකැප් එක හරියට හදන ගමන් ටේ ජන්කුක්ගේ නහය හිමීට මිරිකුවා.. නිදිමරගාතේ බාගෙට ඇස් ඇරගෙන කොල්ලා තාමත් ඉන්නේ කොහෙද කියලා කල්පනා කරනවා..
ජිමින් විල්චෙයාර් එක ගෙනල්ලා කාර් එක ගාවින් තියනකොට ටේහ්‍යෙන්ග් පරිස්සමට ජන්කුක්ව චීල්චෙයා එකෙන් ඉන්දුවා.. ඊටපස්සේ එහෙම මෙහෙට වෙලා ගිය කොල්ලගේ පිජාමා කිට් එකේ ෂර්ට් එකත් හරියට හදලා ටේහ්‍යෙන්ග් ජන්කුක්ගේ කම්මුලකට චූටි උම්මා එකක් දුන්නා.. එයාගේ පුංචි මලයාගේ අඩුපාඩු ඔක්කොම හදපු පණ්ඩිත අයියෙක් වගේ !!
" ආහ් උබ විතරක් ඉබින්නේ මොකද?.. මේ මගේ පොඩි එකා !! "
අනේ අර කම්මුලක් ඉම්බා කියලා ඉරිසියාවේ පැලෙන ජිමිනා ජන්කුක්ගේ එහා කම්මුලත් චොක් ගාලා ඉම්බා.. ටේහ්‍යෙන්ග්ටත් ජිමින්ව අවුස්සන්න තියේනම් ඊටවඩා දෙයක් නැති නිසා ජන්කුක්ව තව පාරක් ඉම්බා.. දැන් දෙන්නත් එක්ක තරගෙට ජන්කුක්ගේ කම්මුල් ඉබිනවා.. අනේ අර අහිංසකයා වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ගල් ගැහිලා හුස්ම හිරකරන් බලන් ඉන්නවා..
ČTEŠ
Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
Fanfikceකොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -