13th Breath 🍂

361 47 22
                                    

No one's view

සූගේ සිනිදු කොණ්ඩේ අග හරියට වෙන්නම ගොතලා තොල් අතරේ හිර කරන් හිටපු බූල් බෑන්ඩ් එක සූගේ ගොතපු කොණ්ඩේ අගට දාපු ජිමින් ඔලුව පාත් කරලා සූගේ කොණ්ඩෙට නහය ලං කරලා ලොකු හුස්මක් ඇද්දා.

" සුවදම සුවදයි "

ආමන්ඩ් කිරි මිශ්‍ර රෝස සුවද ෂැම්පු එක නිසා සූගේ කොණ්ඩේ කිරි සුවදයි. ඒ වගේ තමන්ගේ කුසේ මෝරන පුංචි පැටියා නිසා සූ ලග නිතරම තිබුණේ කිරි සුවද මුහු වෙච්ච නැවුම් බවක්. ජිමින් ආසම කරේ ඒ සුවදට. මිල අධික සුවද විලවුන් වලට වඩා ඒ කිරිසුවදට ජිමින් ආදරෙයි. තමන්ගේ ලෙයින් වැඩුණු පුංචි හදවත කුසේ දරාගෙන ඉන්න සූට ජිමින් පුලුවන් හැම විදිහටම ආදරේ කරා. කොතනින්වත් අඩුවක් නොවෙන්න කෙල්ලව ආදරෙන් බලාගත්තා. හැම පුංචි දේකට පවා සූ ජිමින්ගේ උදව්ව බලාපොරොත්තු වෙන තරමට ජිමින් සූට ආදරේ කරේ ඒ ඉන්නේ තමන්ගේ ජීවිතේ වටිනම ගැහැණිය වෙච්ච නිසා..

ප්‍රෙග්නන්සි හෝමෝන නිසා ඉස්සල්ලටත් වැඩිය සිනිදු කෙල්ලගේ කොණ්ඩේ මුදුනින් හාදු ගොඩක් තවරපු ජිමින් සෝෆා එකේ වාඩිවෙලා ඉන්න කෙල්ල දිහාවට නැමුණේ අර ඇස් හැංගෙන හිනාව දාලා.

" කෝ මට නෑද ? "

ඇස් දෙක පියාගෙන කෙල්ල දිහාට කම්මුලක් අල්ලගෙන ජිමින් කිව්වේ පොඩි එකෙක් වගේ.

" මොනාද ? "

ජිමින් ඉල්ලන දේ දැන දැනත් සූ අහනකොට ජිමින් තොල් දෙක උල් කරලා තව ටිකක් කෙල්ල ලගට මූණ ලන් කරා. හිමිට ජිමින්ගේ මූණට ලන් වෙච්ච සූ කෙල්ලගේ හුස්ම ජිමින්ගේ කම්මුලේ වදින තරමටම ලන් වෙලා ඒ මූණ දිහා බලාගෙන හිටියා.

දැන් දෙයි දැන් දෙයි කියලා නොඉවසිල්ලෙන් දගලන ජිමින්ගේ චීස් කේක් කම්මුලක් දත් අතරට අරගෙන හයියෙන්ම හපපු සූ හයියෙන් හිනාවෙන ගමන් පස්සට වුණා. අනේ කිස් එකක් ඉල්ලගන්න බලාගෙන හිටපු ජිමින්ට ලැබුණු අනපේක්ෂිත කොටි ප්‍රහාරය නිසා කොල්ලගේ ඇස්වලින් කදුළුත් පැන්නේ ඒ පාර එච්චරටම රිදුණු නිසා. කම්මුලේ කෑල්ලක්ම ගලෝ ගත්තද කොහෙද ?

" ආව් අනේ.. සූහ් ඌයියා "

ජිමින් කෑ ගැහුවේ රිදුම්දෙන කම්මුල අත් වලින් පොඩි කරන ගමන්

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Donde viven las historias. Descúbrelo ahora