4th breath 🍂

394 62 10
                                    

No one's view

චෙයාමන් ශීට් එකේ වාඩිවෙලා ජන්කුක් ඉස්සරහ වෝල් එක දිහා බලාගෙන හිටියා. පොඩි පොඩි photos එකතු කරලා හදපු ජන්කුක්ගේ dream wall එක. දවසක කොරියාවේ සම්මානලාභී ව්‍යාපාරිකයෙක් වෙන්න, යූනා එක්ක ලොකේ වටේ ඇවිදින්න යන්න, පුංචි පැටියෙක් හුරතල් කරන්න.. මේ වගේ හුගාක් අහිංසක හීන ඒ වෝල් එක හිස්තැනක් නැතුව පුරවලා තිබ්බා. ජන්කුක්ගේ අහිංසක ඇස් ඒ හැම හීනයක් දිගේම එහේ මෙහේ වුණා

" කුකා.. මොකද කරේ "

" මොකුත් නෑ හ්‍යොන්ග් "

ජන්නකුගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වුණු ජිමින්ගෙත් ඇස් ඒ හීන මංසල ලග නැවතිලා.

" කුකියා.. ඒ හීන මරලා දාන්න එපා "

ඉන්න තැනින් නැගිටලා ගිහින් ජන්කුක්ගේ ටේබල් එක උඩින් වාඩි වෙලා ජිමින් ජන්කුක්ගේ අත අල්ලගත්තා.

" ඔයා ලෙඩ වුණු පලියට ඒ හැම දෙයක්ම නතර කරලා දාන්න ඕන්නෑ කුකියා. අමතක කරන්න එපා ඔයා ඒ හීන හැබෑ වෙනකම් මහන්සි වුණු විදිහ. මම දන්න ජන්කුක්ට කොලේජ් යන කාලේ ඉදම්ම ඕනි වුණා හොද බිස්නස්මන් කෙනෙක් වෙන්න. දකුණු කොරියාවම කතා කරන බිස්නස් ලීඩ් එක වෙන්න.. නේද ? "

ජන්කුක්ගේ ඇස් දෙක ඉබේම තෙත් වෙලා ගියා. බිස්නස් ගැන කොල්ලට තිබ්බේ මහ පුදුමාකාර interest එකක්. පුංචි කාලේ ඉදම්ම ඒ හීනෙට ආදරේ කරපු තරම් දන්නේ කොල්ලා විතරයි. ඉස්සර මෙලෝ තේරුමක් නැතිකමට බිස්නස් මීටින් බල බල ඒ ගැන හොයපු තරම් හොදටම දන්න කෙනා ජිමින්. ඒ හීනේ මතක් වෙන සැරයක් ගානේ ඇගේ ලේ රත්වෙන තරම් උනන්දුවක් , ආසාවක් ජන්කුක්ට බිස්නස් ගැන තිබ්බා.

"ඒවා හීන විතරක් වෙලා හ්‍යොන්ග්. මට දැන් ඒවා හැබෑ කරගන්න අමාරුයි "

ආයාසයෙන් මවාගත්ත හිනාවකින් ජන්කුක් ජිමින්ට උත්තර දුන්නා. ඒත් ජිමින් ඒ ගැන කියද්දි ජන්කුක්ගේ හදවත අදටත් රිද්මයක් නැතුව ගැහෙනවා.පිස්සුවෙන් වගේ පිනුම් ගහනවා.ඒ හීනේ මතක් වෙන සැරයක් ගානේ කොල්ලට මහ පුදුමාකාර ආසාවක් එනවා ඒ ටාගට් එක ලුහු බඳින්න. ඒත් කොල්ලා විහින්ම ඒවා අමාරුවෙන් යටපත් කරගෙන. දිය යටට ඔබන රබර් බෝලයක් වගේ උඩ එන්න දගලන ආසාවල් යට කරගෙන ජන්කුක් ඉවසන්නේ ජීවත් වෙන්න තියන මේ කෙටි කාලේ අමාරු හීන පස්සේ දුවලා තවත් හති වැටෙන්න බැරි නිසා

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Tahanan ng mga kuwento. Tumuklas ngayon