No one's viewඑලාම් එක වදිනකොට වෙලාව පාන්දර පහ හමාරයි. ඇස් දෙක පුංචි කරලා ඇරපු යූනා ජන්කුක් ඇහැරෙන්න කලින් ඒක ඕෆ් කරලා දැම්මා. කාමරේ පත්තු කරලා තිබුණු ලා එලියක් දෙන බල්බ් එකේ පුංචි ආලෝකය නිසා හොදට නොපෙනුනත් තාමත් තද නින්දක ඉන්නේ යූනගේ හැන්ඩ්සම් හස්බන්ඩ් දිහා කෙල්ල බලන් හිටියේ අඩ අදුර අතරින්.
ඒක බලාඉන්න ලස්සන දර්ශනයක්. තාලෙට උඩ පහල යන පපුව නිසා කෙල්ල දන්නවා ජන්කුක් හොදටම නිදි කියලා. ජන්කුක්ගේ මූණ දිහා බලලා පටන් ගන්න හැම දවසක්ම යූනට ප්රාණවත් එකක් වුණා. හිමීට ඉස්සිලා මූණට වැටිලා තිබුණු කෙස් කැරලි ටික උඩට කරපු කෙල්ල ඒ තොල්වලට පුංචි හාදුවක් තිබ්බා. ඇහැරවන්න ලෝභ හිතෙන විදිහට නිදන් හිටපු ජන්කුක්ට තව ටිකක් නිදාගන්න ඇරලා කෙල්ල සද්ද නොකර පහලට ගියේ ඉක්මනට බෙක්ෆස්ට් රෙඩි කරන්න.
පැයක් විතර යනකොට උයලා ඉවර කරලා යූනා ගිහින් වොෂ් එකක් දාගත්තා. ක්ලෝසට් එකට ගිහින් එයාගෙයි ජන්කුක්ගෙයි ඇදුම් ටික එලියට අරන් වෙලාව බලනකොට හත හමාරට ලන් වෙන්න තිබ්බ නිසා යූනට අකමැත්තෙන් වුණත් ජන්කුක්ව අහරවන්න සිද්ධ වුණේ අද දවස එයාලගේ ජීවිතේ එක වැදගත්ම දවසක් වෙන හින්දා. නැත්තම් ඔහොම සනීපෙට නිදාගෙන ඉන්න කොල්ලව ඇහැරවන්න යූනා කොහොමත් කැමති නෑ.
" කුකී.. නැගිටින්න. අද ඔයා ඔෆිස් යන්න ඕනි නැද්ද ම්ම් "
ජන්කුක්ගේ මූණට එබිලා කතා කරත් ජන්කුක් කරේ නින්දෙම්ම කෙඳිරි ගගා තවත් බ්ලැන්කට් එක ඇතුලට ගුලි වුණු එක.
" කෝ ඉතිං නැගිටින්නකෝ අනේ.. හත හමාරටත් ලගයි !! "
" ම්ම් ත..ව ටිකක් දො..යි.යමු බ..බා "
" දොයියලා බෑ දැන් නැගිටින්න ඕනි. කෝ කෝ ඉතින් හොද කොල්ලා වගේ නැගිටිනවකෝ "
ඇස් දෙක අරින්නවත් මහන්සි නොවී ජන්කුක් එයාගේ මූණට එබිලා ඉන්න කෙල්ලගේ ඉණ වටේ අත දාලා බදාගත්තා..
" ස්ස්ස්ස් ඔයා ගාව සීතලයි බබා "
" සීතලයි තමා මන් වොෂ් දැම්මා.. ඔයත් නැගිටින්න පරක්කු වෙනවා "
![](https://img.wattpad.com/cover/315041615-288-k963585.jpg)
YOU ARE READING
Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
Fanfictionකොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -