23rd breath 🍂

280 43 45
                                    

  

No one's view

" ඔයා මොනවද අනේ බලන්නේ.. "

යූනා අත් දෙක අස්සට රිංගලා ඔලුව ඔබාගන්න ගමන් ජන්කුක් කෙල්ල බලන් ඉදිය ලැප් එක දිහා බැලුවා.

" ම්හු මුකුත් නෑ ජන්කුකී.. මම මේ මේල් එකක් ඇවිත්ද බැලුවේ.. "

ලැප් එක වහලා දාලා යූනා ජන්කුක් නහයට තට්ටුවක් දැම්මා.

මූණ අකුලන් හිනා වුණු ජන්කුක් යූනාගේ ටීෂර්ට් එක උස්සලා ඒ අස්සේ මූණ ඔබාගෙන එහාට මෙහාට දගලන්න ගත්තම කෙල්ල හයියෙන් හිනාවීගෙන ඇදේ හරහට වැටුණා..

" අනේහ් එපා.. කිචි අනේ..ජ..න්කුකී.. එ..පාහ්!! "

යූනාගේ හිනාවට ජන්කුක්ටත් හිනා යනකොට  එයා කෙල්ලගේ ඇග උඩට ඇවිත් තවත් කුචු කවන්න ගත්තා.. යූනාගේ හිනාව කාමරෙන් එකයි ඒ තරමට කෙල්ල හිනාවෙනවා.යූනාට හිනාවෙලා පණ නැති වෙනකම් කුචු කවලා කවලා ජන්කුක් හති දාගෙනම අනිත් අතට වැටුණා..

" හම්මොහ්.. ඇයි යූන් කුචු කවනකොට හිනා යන්නේ ? "

හිනාවෙලා වැඩිකමට කෙල්ලගේ ඇස්වලින් කදුළුත් පැනලා. රෝස වෙච්ච කම්මුලක් ජන්කුක්ගේ පපුවට තෙරපනගමන් යූනා කොල්ලගේ පපුවට හේත්තු උනා..

" අපි ඔයාටත් කුචු කවලා බලමුද ඇයි හිනා යන්නේ කියලා.. "

කෙල්ල දග පාට ඇස් දෙක කරකෝලා යූනාගේ මූණට එබිලා ජන්කුක් හිතන්නත් කලින් කොල්ලගේ බඩ කිචිකැව්වා.. තත්පරයක් විතර වෙච්ච දේ කල්පනා කරපු කොල්ලා එකපාරටම කෙල්ලගේ අත් දෙක එයාගේ තඩි විසාල එක අතකින් අල්ලාගෙන ටිකකට කලින් හිනා වුණු නිසාම රෝස ගැහිච්ච කෙල්ලගේ කම්මුලක් දිගේ එයාගේ දිග ඇඟිල්ලක් පරිස්සමට අරගෙන ගියා..

ආදරේ පුරෝපු ඇස් දෙකක් හරි සන්සුන් ආදරණීය බැල්මකින් කෙල්ලගේ හීනි ඇස් අල්ලගනිද්දි යූනගේ ජම්බෝල රෝස පාට කම්මුල් ටිකෙන් ටික තද රතු පාටකට හැරුණා. ඒ ආදරණීය ඇස් මුමුණන දාහක් කතා අහගෙන කෙල්ලගේ ඇස් පිහාටු හරි හෙමින් පහළට බර උනා. ජන්කුක්ගේ උණුහුම් හුස්මක් නලලේ වැදිලා නැතිවෙලා යනකොට ඒ හුස්මේ අඩුව මකන්න දැනුනු සීතල තොල්පෙති දෙකක පහස කෙල්ලගේ නලලේ හැපෙද්දි යූනාට දැනුනේ කෙල්ලගේ ආත්මයම ඒ හාදුවෙන් නිවෙනවා වගේ.

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Where stories live. Discover now