Epilogue 🍂🤍

475 38 21
                                    

Yoona's view

ලෝකේ කාර්යබහුලම නගරය ඇතුලේ මට දැනුනේ මම තනිවෙලා වගේ.. මිනිස්සු දහස් ගාණක් තම තමන්ගේ වැඩවලට ලහි ලහියේ දුවනකොට රෑ එකොළහ පහු වෙලා තිබුණත් ඒ නොනිදන නගරය එක මොහොතකටවත් නෙවෙයි නිශ්චල උනේ.. අහස සිඹින්න වගේ ඉහලට නැගුණු මහ විසාල ගොඩනැගිලින් විහිදුණු දහස් ගාණක් එයිට් එලි නිසා මුලු නිව් යෝර්ක් නුවරම අහසේ තරුවලට කණ්ණාඩියක් අල්ලුව ගාණට අහසයි පොලවයි එකම චිත්‍රයක් සුදු එලි වලින් කල එලි වෙලා හරිම ලස්සනයි..

හොටෙල් රූම් එකේ කබඩ් එකෙන් බාත්රොබ් එකක් අරන් මම ඒක ඇගේ පටලන් බැල්කනි එකේ කර්ටන් එක ඇරියා.. බිත්තියක් වෙනුවට අල්ලලා තිබුණු ලොකු වීදුරුව නිසා මුළු නිව්යෝක් නගරයම මම ඉදිය රූම් එකට පැහැදිලිව පෙනුනා.. පුංචි සීතලක් තිබුණට මට පේන දර්ශනය හරි ලස්සනයි..ඒ නිසා ඒ පුංචි සීතල ගාණට නොගෙන මන් ඩෝ එක ඇරගෙන බැල්කනියට ගියේ අත් දෙක බැදගෙන සීතල දැනෙන්නේ නැති වෙන්න..

පාර එහාපැත්තේ පේන බෙන්ඩ් එකක ගෑණුලමයෙක් තුරුල් කරගෙන හිටියේ එයාගේ බෝයි කියන්න පුලුවන් එයාගේ වසයෙම පිරිමි ලමයෙක්.. සීතල දැනෙන්නේ නැති වෙන්න එයා අත් දෙකම අර ගෑණු ලමයා වටේ ඔතාගෙන එක එක කෝලම් කරකර හිටියේ.. මට ඇහුනේ නැති උනාට ඒ දෙන්නා මොකද්දෝ ලොකු කතාවක් කිය කිය දෙන්නම හිනාවෙනවා.. මෙච්චර රෑවෙලත් ඒ දෙන්නම හිටියේ තාම ස්කූල් යුනිෆෝම් පිටින්..

මට ඒ පුංචි උන් දෙන්නා දිහා බලන් ඉන්නකොට ජන්කුක්ව මතක් උනා.. දැන් ඔයා කොහේ ඉන්නවා ඇතිද රත්තරන්.. ඔයා මාව දාලා ගිහිල්ලා අදට අවුරුදු පහක් ..

එදා ජිමින් ඔප්පා එලිය වැටෙන්නත් කලින් කඩාගෙන අපේ ගෙදරට දුවගෙන එනකොට මන් හිටියේ ඔයාව තුරුල් කරගෙන හොදටම නිදාගෙනලු.. එදා ඉදන් අද ඉදන් ඉබේ හුස්ම වැටුණට මන් ජීවත් උනා මිසක මගේ ආත්මය මැරුණේ ඔයාගේ අන්තිම හුස්ම මගේ පපුවේ වදිනවත් එක්කමයි.. දැන් ඉන්න යූනාට හිනාවෙන්න තේරෙන්නෑ ජන්කුකී.. මන් ඔයා නැතුව ජීවත් වෙන්න දන්නේ නෑ..

බොගෝශිප්දා.. නා චින්චා බොගෝශිප්පෝ නේ සරන්ග් !!

ඔයාගේ හීනේ ඉෂ්ඨ කරන්න ඕනිකමට හුස්ම ඇල්ලුවා මිසක් මම මෙහෙලකටත් මැරිලා ගිහින්.. දැන් මේ හොදටම ඇති ජන්කුකී.. මට හරි මහන්සියි..

Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||Onde histórias criam vida. Descubra agora