No one's view
ආදරයකට පුරුදු වුණාම , හදවතින්ම අවංක ආදරයක් වින්දහම ඒ ආදරේ නැතුව හුස්ම ගන්න එක පවා වේදනාවක්. ඒකත් අතහරින්න බැරි තරමටම ආදරේට ඇබ්බැහි වුණාම ඒ ආදරේ ගිලිහුණාම දැනෙන්නේ ගිනි ගොඩක් උඩ ජීවත් වෙනවා වගේ කටුක වේදනාවක්.
ජන්කුක් රූපෙන් වගේම හදවතිනුත් සුන්දර මනුස්සයෙක්. ආදරේ හිතේ දලුලන්න ගත්ත දවසේ ඉදන් දඟකාර ආදරවන්තයෙක්. යූනාගේ අයිතිය නීතියෙන් උරුම කරගත්තු දවසේ ඉදන් දයාබර සැමියෙක්.
ඉතින් කොහොමද ලේසියෙන් අමතක කරන්නේ ? ඒ වගේ හදවතට දැනුණු ලස්සන ආදරයක්. ටිකෙන් ටික වැහිරිලා යන සිරුර හංගන්න, දරාගන්න අමාරු වේදනාව හංගන්න ජන්කුක් යූනාව කොල්ලගේ ජීවිතෙන් ඈත් කල වගක් නොදැන යූනා තවමත් හොයනවා.. තමන් අතින් නොදැනුවත්ව හරි වුණු ඒ වැරැද්ද...
Flash back
ඒ වෙනකොට වෙලාව හවස පහට විතර ඇති. රතට හැරුණු මලානික ඉර එළිය වැටිලා ලස්සන වුණු හැන්දෑවක යූනා හිටියේ සතුටින් පිනා ගිහින්. ගානට බේක් වුණු කේක් එක ගේ පුරාම නැවුම් සුවදක් පතුරනකොට කෙල්ල හිනා වෙවීම අයිසින් එක ලෑස්ති කලා. ජන්කුක් ගෙදර එන වෙලාව හොඳටම ලං වෙලා නිසාම කෙල්ල සැරින් සැරේ ඔරලෝසුව බල බලම කඩිමුඩියේ වැඩ ටික කරන්න වෙහෙසුණා.
කේක් එකෙන් එක වැනිලා සුවද පරද්දගෙන ගතම ඉල්ලන ආදරණීය සුවඳක් නාස් පුඩු අතරින් ඉහලට දුවනවත් එක්කම සනීප අත් යුගලකට කෙල්ලගේ සිහින් ඉන මැදි වුණා.
" මිසිස් ජියෝන් බරටම වැඩ වගේ "
යූනාගේ කන් පෙති අසලට ආදරෙන් මුමුණලා ජන්කුක් යූනාගේ උරිස්සට නිකට තියාගෙන ඇස් පියාගත්තේ කෙල්ලගෙන් පැතිරෙන රෝසමල් සුවද ජන්කුක්ගේ දවසේ විඩාව නිවන්න හොඳටම ප්රමාණවත් වුණු නිසා.
" ඔයා ආවද කුකී.. කාර් එකේ සද්දෙවත් ඇහුන්නෑනේ මම මේ බලන්න එන්න හැදුවේ "
අයිසින් එක පයිපින් බෑග් එකකට පුරවන ගමන් යූනා ජන්කුක්ගෙන් ඇහුවේ කොල්ලා අද වෙනදට වඩා කලින් නිසා.
" මන් සද්ද නැතුව ආවා ඔයාව බය කරන්න "
ඒ හුරුබුහුටි මුහුණට කරදර කරන්න වැටුණු කොණ්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවනවා වෙනුවට කොල්ලා තවත් කෙටි කෙස් කැරලි ටිකක් කෙල්ලගේ මූණට වැටෙන්න දුන්නා. ඒ සිනිදු කෙහෙරැලි යූනාගේ පැහැපත් වතේ අතුරපු ලියවැල් වගේ. ජන්කුක් හරි ආසයි ඒ අහංකාර කොණ්ඩ කැරලි යූනාට කරදර කරනවා බලන්න. පොඩි එකෙක් වගේ ජන්කුක් කරන සමහර දගවැඩවලට කෙල්ල හිතින් මහ හුගක් ආස කලා. ඊටත් වඩා ආදරේ කලා.

ESTÁS LEYENDO
Until The Last Breath 🍂 | JJK | || COMPLETED ||
Fanficකොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -